රඹුක්කන සිද්ධියට පොලිස්පති මානව හිමිකම් කොමිසමට අවට සිටි පිරිසගෙන් හූ සංග්‍රහයක්

331

රඹුක්කන නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (22දා) මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබිණි. ඒ අනුව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මානව හිමිකම් කොමිසම වෙත පැමිණි අයුරු.

රඹුක්කන ප්‍රදේශයේ පැවැති විරෝධතාවයකදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඊයේ (22 දා) පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී අවට රැඳී සිටි පිරිස්වලින් ඔහුට දැඩි විරෝධතාවයක් එල්ල විය. 04 – පිටුවට

පොලිස්පතිවරයා ඊයේ (22 දා) පෙරවරුවේ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා පැමිණ සිය නිලරථයෙන් බැස කොමිසම හමුවට යමින් සිටියදී සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති කිහිපයක පිරිස් පොලිස්පතිවරයා වෙත විවිධ සටන් පාඨ කියමින් සිය විරෝධතාවය දැක්වූහ. පොලිස්පතිවරයා පෙරවරු 11.30 ට පැමිණ දහවල් 1.30 ට පමණ ප්‍රකාශ ලබාදී පිටව ගොස් තිබුණි.

ඉන්ධන ගැටලුවක් මුල්කර ගනිමින් රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයට පොලිසිය වෙඩිතබා පිරිස විසුරුවා හැරීමේදී එක් පුද්ගලයකු මියගොස් තිබිණි. මෙහිදී විරෝධතාකරුවන් හා පොලිස් නිලධාරීන් 24 දෙනකු ද තුවාල ලබා රෝහල් ගතවී තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති, කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, රඹුක්කන හා කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරුන් කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට මානව හිමිකම් කොමිසම පියවර ගෙන තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment