රඹුටන් කැඩීමට ගිය එකම පවුලේ හතරක් සැඩ පහරට අසුවෙයි – තිදෙනෙක් ගම්මු බේරාගනී අයෙක් අතුරුදන්

374

හංවැල්ල පොලිස් බල ප‍්‍රදේශයේ ආටිගල බරාව වෙල් යායේ ජලයෙන් පිරී මාර්ගයක් හරහා ගමන් කරමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු ජලයට ගසාගෙන ගොස් ඇතත්, ඉන් තිදෙනෙකු බේරී එක් අයකු දියේ ගිලී අතුරුදහන්වී ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

පිලියන්දල සුවාරපොල ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව්දෙනකු ඥාති නිවසකට පැමිණ රඹුටන් කැඞීමට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී පැවති අධික වර්ෂාවෙන් යටවූ මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී මොවුන් සිව්දෙනා ජලයේ ගසාගෙන ගොස් ඇත.

ප‍්‍රදේශවාසීන් විසින් මහත් පරිශ‍්‍රමයක් දරා තිදෙනෙකු බේරා ගෙන ඇතත්, එක් අයෙකු අතුරුදහන් වී ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ පිළියන්දල, සුවාරපොල, ගඟබඩ පාර, රජයේ නිවාසයක පදිංචි 27 හැවිරිදි සංජය රචිත පෙරේරා නැමැති විවාහක එක්දරු පියෙකු බව පොලිසිය පවසයි. හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු සිදුකරනු ලබන බව පොලිසිය පවසයි.

හංවැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පාදුක්ක – නීල් රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment