රයන් කෲසර්ගෙන් ලෝක වාර්තාවක්

674

නව ඔලිම්පික් තරග වාර්තාවක් සමගින් පිරිමි යගුලිය දැමීම ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කළ රයන් කෲසර් සමත් වූයේය.

 මෙම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන රයන් කෲසර් ප‍්‍රදර්ශනය කර ඇති දක්ෂතාව මීටර් 23.37 කි.

 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී මීටර් 22.52 ක දුර යගුලිය දමමින් තමන් විසින්ම පිහිටුවන ලද ඔලිම්පික් වාර්තාව බිඳ හෙළන්නට සමත් වූ රයන් කෲසර් මෙවර ප‍්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර් 23.30 කි. ඒ අනුව පිට පිට දෙවන වතාවටත් පිරිමි යගුලිය දැමීමේ ඉසව්වේ රන් පදක්කම ඇමරිකාවට රැුගෙන යාමට 28 හැවිරිදි රයන් කෲසර් ට හැකිවිය.

 පසුගිය රියෝ උළෙලේ දී මෙන්ම මෙවරද තම රිද්මය මැනවින් පවත්වා ගනිමින් රිදී පදක්කම දිනා ගැනීමට 32 හැවිරිදි ඇමරිකා එක්සත් ජනපදයේ ජේ. කොවැක්ස් (මීටර් 22.65* සමත් වූ අතර එහි ලෝකඩ පදක්කම නවසීලන්තයේ තෝමස් වොල්ෂ් (මීටර් 22.47 * සතුවිය.

 මේ අතර වාරයේ පිරිමි තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට පෘතුගාලය නියෝජනය කළ පිචාඩෝ පෙඞ්රෝ (මී.17.98* සමත් වූ අතර කිලෝමීටර් 20 ක් වූ තරග ඇවිදීම ඉසව්වේ රන් පදක්කම ඉතාලියේ ස්ටැනෝ මැසිමෝ (පැය 1.21.05 * දිනා ගත්තේ සත්කාරක ජපානයේ ක‍්‍රීඩකයින් දෙපළට රිදී සහ ලෝකඩ පදක්කම් හිමිවෙන පරිදිය. පිරිමි මීටර් 110 කඩුලූ‍ මතින් දිවීම රන් පදක්කම ජැමෙයිකාවේ පච්මෙන්ට් හන්සල් (තත්:13.04* ට ද මීටර් 200 පිරිමි රන් පදක්කම කැනඩාවේ ඇන්ඩි‍්‍ර ඞී ගේ‍්‍රසී (තත්:19.62*ට ද පිරිමි මීටර් 800 රන් පදක්කම කෙන්යාවේ එම්මානුවෙල් කොරීර් (මි:1.45.06* ට ද හිමි වූහ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment