රයිගම් ටෙලීස් සම්මාන උළෙල – ජනප‍්‍රිය නළු නිළි සම්මාන කුසල් සහ ශලනිට

1476

2020-2021 වසර දෙක සඳහා වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ 2020 විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස බිමල් ජයකොඩි ද, 2021 විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ලෙස තුසිත් ලක්නාත් සම්මාන හිමිකර ගත්හ.

මීට අමතරව 2020 විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස උදාරි චාමිකා වර්ණකුලසූරියද, 2021 විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය ලෙස චම්පා ශි‍්‍රයානි සම්මාන හිමිකර ගත්හ.

රයිගම් ටෙලීස් සම්මාන උළෙල පෙරේදා (26 දා* රාති‍්‍ර කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

2020 විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ රොෂාන් රවීන්ද්‍ර විසින් හිමිකරගත් අතර 2021 විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය ‘සකර්ම’ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු හිමිකර ගත්තේය.

එමෙන්ම 2020 විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස ‘තණමල්විල කොල්ලෙක්’ සම්මානයට පාත‍්‍රවූ අතර, 2021 විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස ‘සකර්ම’ සම්මානයට පාත‍්‍රවිය.

එසේම ජනපි‍්‍රයම ීඵී සම්මාන යටතේ ජනපි‍්‍රයම ටෙලි නාට්‍ය ලෙස ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘පාරදිගේ’ ටෙලි නාට්‍යයට හිමිවූ අතර ජනපි‍්‍රයම නළුවා ලෙස කුසල් මධුරංගද, ජනපි‍්‍රයම නිළිය ලෙස ශලනි තාරකා ද සම්මාන හිමිකර ගත්හ.

සමීක්‍ෂණ ඇසුරින් සම්මාන යටතේ වඩාත් ජනගත වැඩසටහන ලෙස හිරු ටී.වී. ඔස්සේ විකාශය කෙරෙන ‘හිරු ස්ටාර්’ වැඩසටහනද, වඩාත් ජනගත ටෙලි නාට්‍ය ලෙස ‘නාඩගම්කාරයෝ’ නාට්‍යයද, වඩාත් ජනගත ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය ලෙස ටී. වී. දෙරණ ද සම්මාන හිමිකර ගත්තේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment