රවිදු ප්‍රනාන්දු ටැමිල් යුනියන් පිල ශක්තිමත් කරයි

205

අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර තුන් දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ නැගී එන කණ්ඩායම් අතර තුන් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරන ටැමිල් යුනියන් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 201ක් ලබා ගෙන සිටියේය.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ සෙබස්ට්තියනයිට්ස් කණ්ඩායම විසින් සිදු කරන ලද ආරාධනය මත පළමුව පන්දුවට පහර දුන් ටැමිල් යුනියන් කණ්ඩායම වෙනුවෙන් අංක 6 පිතිකරු රවිදු ප්‍රනාන්දු නොදැවී ලකුණු 63 ක් ලබා ගත්තේය. ඒ සඳහා පන්දු 95 ක් පුරා පිටියේ රැඳී සිටි රවිඳු ඉන් පන්දු හතරක් හතරේ පහර බවටත් එක් පන්දුවක් හයේ පහරක් බවටත් පත් කිරීමට කටයුතු කළේය.

රවිදුට අමතරව ආරම්භක පිතිකරු සුපුන් කවින්ද සහ කවිදු පතිරත්න ලකුණු 24 බැගින් ලබා ගත්හ. මේ අතරවාරයේදී සන්තුෂ් ගුණතිලක ටැමිල් යුනියන් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 27 ක් ලබා ගත් අතර රවින් ද සිල්වා නොදැවී ලකුණු 21ක් ලබා ගත්තේය.

පන්දු වාර 60කට ක්‍රීඩා කර සිටි ටැමිල් යුනියන් කණ්ඩායමේ දැවී ගිය කඩුලු 7 තරිඳු රත්නායක, මනෙල්කාර් ද සිල්වා සහ සදුන් ප්‍රනාන්දු අතරේ බෙදී ගියේය. තරිඳු රත්නායක ලකුණු 91කට කඩුලු 3ක් දවා ගත් අතර මනෙල්කාර් ද සිල්වා ලකුණු 36කට කඩුලු 2ක්ද සදුන් ප්‍රනාන්දු ලකුණු 20කට කඩුලු 2ක්ද දවා ගත්හ.

අද (23 වැනිදා) තරගෙයේ දෙවැනි දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment