රවි ඇතුළු 10 කට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය දෙසැ. 10 දා ඇරැඹේ

63

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන දෙසැම්බර් 6 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂි ලබාදීම සඳහා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුළු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් පිරිසකට සිතාසි නිකුත් කළේය.

එම නඩුව අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැදිගේ යන විනිසුරු ම`ඩුල්ල හමුවේදී කැඳවිණි.

ඒ අනුව නඩු විභාගය ලබන දෙසැම්බර් 6 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වාත් ජනවාරි 24 වැනිදා සිට ජනවාරි 28 වැනිදා දක්වාත් දිනපතා පැවැත්වීමට විනිසුරු ම`ඩුල්ල දින නියම කළහ.

2016 මාර්තු 31 වැනිදා පැවති මහ බැංකු බැ`දුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් කෝටි 1500 ක් සාවi සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා 22 ක් යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

එම නඩුවේ 10 වන විත්තිකාර ඉන්දික සමන් කුමාර නමැත්තාට ශ‍්‍රී ලංකා මහ බැංකු බැ`දුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාව සැකසීමට උපයෝගී කරගත් මූල්‍ය මණ්ඩල පත‍්‍රිකා ඇතුළු ලේඛණ 25 ක් ලබාදෙන ලෙසට එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා කළ ඉල්ලීම විනිසුරු ම`ඩුල්ල 2/3 බහුතර තීන්දුවකින් ප‍්‍රතික්‍ෂේප කළහ.

සභාපති විනිසුරු අමල් රණරාජා හා විනිසුරු නාමල් බලල්ලේ මහතා එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ අතර විත්තිකරුට සාධාරණ නඩු විභාගයකට මුහුණදීමට ඇති අයිතිය අනුව එකී ලේඛණ ලබා ගැනීමේ අයිතිය ඇති බව තමන්ගේ නිගමනය වන්නේ යැයි සාමාජික විනිසුරු ආදිත්‍ය පටබැ`දිගේ මහතා පෙන්වා දුන්නේය.

විත්තිකරු ඉල්ලා සිටින එකී ලේඛණ විමර්ශන නිලධාරීන් විසින් විමර්ශන සඳහා උපයෝගි කොට ගෙන ඇති නමුත් ඒවා පැමිණිල්ල විසින් නඩු කටයුත්තට අදාළව භාවිතා නොකරන ලද ලේඛණ බවත් විත්තිය පෙන්වා දෙන පරිදි ඒවා නොලැබීමෙන් විත්තිකරුට සාධාරණ නඩු විභාගක් සඳහා මුහුණදීමට ඇති අයිතියට හානියක් නොවන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නාය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment