රවි, නවීන්, අර්ජුන සහ ලක්‍ෂමන් මුල්ලට දාලා – කෘත්‍යාධිකාරි රැස්වීමේදී රනිල්ට චෝදනා – තනි මතයට වැඩ කළේ නෑ – රනිල් කියයි

410

එක්සත් ජාතික පක්‍ෂය විසින් පසුගිය සිකුරාදා (05 දා) සවස සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් වූ රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග, ලක්‍ෂ්මන් විජේමාන්න යන මහත්වරුන්ට තනතුරු නොදීම පිළිබඳව පක්‍ෂ නායකත්වයට දැඩි විරෝධය එල්ල විය.

පක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධාත්වයෙන් සිකුරාදා සවස 4.00 ට ආරම්භ වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමට පක්‍ෂයේ තනතුරු නොදරන නවින් දිසානායක, අර්ජුන රණතුංග, රවි කරුණානායක, ලක්‍ෂ්මන් විජේමාන්න ඇතුළු ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනෙක් සහභාගි වී සිටියහ. ඔවුන්ට තනතුරු නොදී පැත්තකට කර තබන බවට මෙහිදී කස්තුරි අනුරාධ මහතා පක්‍ෂය නාකත්වයට චෝදනා කළේය. මෙවැනි බෙදීම් නිසා පක්‍ෂය තවත් තවත් අර්බුදයට ලක්වන බවද හෙතෙම කියා සිටියේය.

අලූතෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්ව සිටින දිනුක කොළඹගේ, ෂෙහාන් හේරත්, කණිෂ්ක රාජපක්‍ෂ යන තරුණයන් නායකත්වයේ අවශ්‍යතාව මත තෝරාගෙන ඇති බවටද මෙහිදී චෝදනා එල්ල විය. මෙම ක‍්‍රියාවන් පක්‍ෂයට දරදිය ඇදපු දක්‍ෂයින්ට කලකිරීමක් ඇතිවීමට හේතුවී ඇති බවටද මෙහිදී අදහස් පළවිය.

මෙහිදී නැගී සිටි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ කියා සිටියේය. අපි මේ වෙලාවේ කරන්න ඕනෙ තුන හතරකට බෙදිලා කෑලි වලට ඇදීම නෙමෙයි. සියලූදෙනාම එකතු වී පක්‍ෂය ශක්තිමත් කිරීමයි. මෙහෙම ගියොත් මේ තියෙන ටිකත් අපිට නැති වෙයි. මම කැමතියි නියෝජ්‍ය නායකකම දීලා හරි පක්‍ෂය ශක්තිමත් කරන්න.

මෙහිදී පක්‍ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා අදහස් දක්වමින් පක්‍ෂය තුළ පවතින අර්බුද සමනය කර ගනිමින් ඒ සඳහා මුහුණදීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ප‍්‍රකාශ කළේය. ඒ නිසා සියලූ දෙනාම එකට එක්වී පක්‍ෂයට හොඳ පුනර්ජීවයක් ලබාදිය යුතු බවද මහ ලේකම්වරයා කීය.

මෙම සියලූ කාරණා පිළිබඳව නිහ`ඩව අසා සිටි පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියේ සියලූදෙනාගේ තීරණ මත තමන් කටයුතු කළ බවය. තමන් තනි තීරණ මත ක‍්‍රියා නොකළ බව හෙතෙම දැඩි ස්ථාවරයෙන් ප‍්‍රකාශ කළේය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment