රවි – සිකුරු මාරුව  ගෙනෙයි  – සුබ පල  නිරතුරුව

1940

මෙහි පළමු කොටස ගිය සතියේ පළවිය
 

 සිංහ- ලග්නාධිපති 11 වැන්න වූ මිථුනයටත් සිකුරු 10 වැන්න වූ වෘෂභයටත් පැමිණේ. ඇත්තෙන්ම කෝටියක් දෝෂ මගහරිමින් ඔබට ශුභපල ගෙන දීමක් සිදුවෙයි. තම උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබාගත හැකි කාලයකි. ඔබට ගෞරව සැලකිලි අත්වේ. නම්බුනාමද අත්වේ. ව්‍යාපාර කරන අයට යම් තරමකින් වාසි ඇතිවන දේ ලැබේ. රැකී රක්‍ෂා ස්ථිර වෙයි. බොහෝ අවස්ථාවලදී ඔබේ පැත්තට වාසනාව කැරකෙයි. විදේශ ගත වන අයට අධ්‍යාපනයට පමණක් නොව රැකියාවන් සඳහාද පිටත් වීමට බලාපොරොත්තු වන අයට පිටරට සිටින අයගෙන් උදව් උපකාර ලබාගත හැකි කාලයකි. දරුවන් වෙනුවෙන් කාලය වෙන් කිරීමටද ඉඩකඩ ඇතිකර ගන්න. මොන දේ සිද්ධ වුණත් ඔබ කෙළින් සිටින්නට උත්සාහ ගන්න. උදරය සම්බන්ධ ලෙඩ මෙන්ම, නහර ගැට ගැසීම්, හන්දිපත්වල වේදනාවල් ඇති වීමට පුළුවනි. පපුව සම්බන්ධවද ලෙඩ රෝග ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම්වන්න.

 කන්‍යා- කන්‍යා ලග්න හිමියන්ගේ කේන්දරයේ රවි 10 වැන්නෙත් සිකුරු 9 වැන්නෙත් ගමන් කරයි. මෙය ඉතාම ශුභයි. ඔබ අලුතින් යමක් ආරම්භ කිරීමට බාලපොරොත්තු වන්නේ නම් මේ කාලය ඉතාම ශුභදායකයි. එමෙන්ම

 කරගෙනයන කටයුතුවලටද ශුභයි. බලාපොරොත්තු වූ අදහස් බොහෝ දුරට ඉෂ්ට වෙයි. ස්ථාන වෙනස් වීමක් පෙන්වයි. එමෙන්ම මේ කාලයේ විදේෂ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ශුභ සතුටුදායක කාලයක් බව පැවසිය යුතුයි.

 රැකී රක්‍ෂා තනතුරු ස්ථිර වෙයි. සුළු සුළු බාධක පැමිණියත් ඒවා මගහරවා ගත හැක. ඔබට හැකිනම් විෂ්ණු දෙවියන්ට සෙත් කවි 02ක් ඔබේ නමට කියවා ගන්න. විෂ්ණු දෙවියන්ට භාරයක් වෙන්න සියලු බාධක දුරුවී යන ලෙස. හේතුව සිකුරු පුණ්‍ය ස්ථානයේ සිටින නිසා දේව භක්තිය වැඩිවෙයි. මේ කාලයේ ආදර බන්ධන ඇතිවෙයි. සැප පහසුව ඇතිවේ. විවාහය ස්ථිර වෙයි. ආදර සම්බන්ධතා ස්ථිර වෙයි. සියල්ලම තමාගේ වාසියට සිද්ධ වෙන අතර පුළුවන් තරම් පිං දහම් කරන තරමට පෙර පිං මතුවී ඔබට සෙතක්ම සිද්ධ වේවි.

 තුලා- තුලා ලග්න හිමියන්ගේ රවි 9 වැන්න වූ මිථුනයටත් සිකුරු 8 වැන්න වූ වෘෂභයටත් පැමිණීම එතරම් ශුභඵල නොදේ. ඔබ මෙතෙක් අසනීපයෙන් සිටියේ නම් හෝ නැතිනම් ඔබව අසනීප කරන්නට මේ කාලවකවානුව බලනවා. වෙනදා තිබූ උනන්දුව උත්සාහය අඩුවී යයි. නින්දා අපහාස විඳින්නට සිදුවෙයි. බොහෝදුරට ආදරවන්තයින් අතර අමනාපකම් මෙන්ම විවාහ වූ අය අතරද මත භේද ඇතිවේ. සිත් තැවුල් නිතරම ඇතිවේ. නොයෙක් ක්‍රමවලින් කරදර ඇතිවේ. පවුලේ වැඩිහිටියෙකුට මේ කාලය අපලදායකයි. මුදල් අතින් අමාරුකම් ඇතිවේ. දුක් වීමට කරුණු යෙදෙන්නේ මුදල්හදල් වියදම් වූවාට පසු බැවින් වියදම් යන හැම සතයක් ගැනම කල්පනාකාරී වන්න. ඔබට මේ තත්ත්වය වුවත් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් උනන්දු වෙන්නටත් වියදම් කරන්නටත් සිදුවෙයි. පත්තිනි මෑණියන්ට විවාහ නොවූ අය බාරයක් වෙන්න. සමේ රෝගවලින් භූත දෝෂවලින් ප්‍රවේශම් වන්න.

 වෘශ්චික- වෘශ්චික ලග්න හිමි ඔබේ කේන්දරයේ රවි 8 වැන්න වූ මිථුනයෙත් සිකුරු 7 වැන්න වූ වෘෂභයෙත්, වෘෂභයෙන් මාලවි යෝගයත් ඇති කරමින් ඔබට ශුභපල උදාකරයි. ඉතිං විවාහ නොවූ අයට අදාර සම්බන්ධතා ගොඩනැඟේ. ආදර බැඳීම් ඇතිවෙයි. විවාහය ස්ථිර වෙයි. මෙතෙක් පැවති බාධක දුරුවී යයි. මේ කාලයේ නීතිමය ගැටලුවක්ද ඇතිවිය හැක. විවාහ වූ අයටද යම් යම් ගැටලුවලට සහන ලැබේ. මේ කාලයේ අසනීපාදී කරදර ඇතිවිය හැක. විශේෂයෙන් ලේ දෝෂ යෙදේ. අධි රුධිර ධාවනය, ලේ අඩුකමේ රෝග, අර්ශස්, උණ ආදී අසනීප ඇති අය ප්‍රවේශම් වන්න. වෙහෙස ඇති ගමන්බිමන් කීපයක් යෙදේ. මෙම ගමන්බිමන්වලින් පුළුවන් තරම් ප්‍රවේශම් වන්නට උත්සාහ ගන්න. මේ කාලයේ ස්ත්‍රී වියෝගත් ඇතිවී දුක්වීමට කරුණු යෙදේ. ස්ත්‍රීන් නිසා නින්දාවක් හෝ දුක් වීමටද කරුණු යෙදේ. උස් මහත් වූ දරුවන් සිටින දෙමාපියන් දරුවන් ගැන සැලකිලිමත් වන්න.

 ධනු- ධනු ලග්න හිමි ඔබේ කේන්දරයේ රවි 7 වැන්නේද සිකුරු 6 වැන්නේද ගමන් කරයි. මෙම කාලයේ ඔබේ ඉදිරි අනාගතයේදී ඔබට සිත්තැවුල් ඇතිවේ. එම සිත් තැවුල් බොහෝවිට ඇතිවන්නේ නිවසේ සිටින අයගෙන්ය. ඔබ ප්‍රවේශම් විය යුත්තේද නිවසේ සිටින අයගෙනි. මුදල් අතින් අග හිඟකම් මතුවේ. නිකරුණේ මුදල් නාස්තිවෙයි. අඹු සැමියන් අතරද මත ගැටුම් ඇතිවිය හැකි බැවින් පුළුවන් තරම් තම පවුල් සංස්ථාව ආරක්‍ෂා කර ගැනීමට උත්සාහ ගන්න. ස්ත්‍රීන් සමග අසමගිය අතිවේ. ඇස්වන කටවහ දෝෂ යෙදේ. පන්සලකට ගොස් දිගින් දිගටම බෝධි පූජා තබන්න. මොකද ඔබව මේ කාලයේ ලෙඩ කරවයි. සෙම් දෝෂ, උදරාබාධ, පාචනය, උණ, අක්මාවේ දෝෂ, අර්ශස් වැනි රෝග සෑදෙන්නට පුළුවනි. මුළු ජීවිත කාලයටම විඳවන්නට කරුණු යෙදිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. අධ්‍යාපනය ලබන දරුවනි ඔබට බාධා ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. කුඩා දරුවන්ව ප්‍රවේශමෙන් රැකබලා ගන්න.

 මකර- මකර ලග්න හිමි ඔබේ රවි 6 වැන්න වූ මිථුනයෙන් සිකුරු 5 වැන්න වූ වෘෂභයෙත් ගමන් කරයි. මේ කාලයේ වස්තුව, ධනය, පෙරට වඩා මුදල්මය ලාභ ලැබෙන කාලයකි. දුක්කරදරවලින් නිදහස් වීමට කරුණු යෙදේ. තම තත්ත්වය උසස් වෙයි. වැඩකටයුතු පිළිවෙළට කරගෙන යාමට අවශ්‍ය ඉඩ පහසුකම් යෙදේ. අධ්‍යාපනය ලබන දරුවන්ට ශුභයි. හැබැයි ආදර සම්බන්ධතාවලට පැටලෙන්නට නොයන්න. විවාහ වන වයසේනම් ආදර බන්ධන ඇතිවේ. විවාහය ස්ථිර වෙයි. හොඳ කල දවසක් ගත කරන්නට ලැබේ. ප්‍රීතිමත් කාලයකි. ඔබට අන් අයගේ දුක නොදෙන කාලයකි. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. වැඩිවියට පත්වන දරුවන් සිටින දෙමාපියන් දරුවන් ගැන විමසීමෙන් සිටින්න. ඔබට මෙන්ම දරුවන්ට ද වාසනාව උදාවෙයි. ඔබේ සතුරන් පරාජයට පත්වෙයි. ගරු සැලකිලි ඇතුව ජීවත් විය හැකි කාලයකි.

 කුම්භ- කුම්භ ලග්න හිමි ඔබේ රවි 5 වැන්න වූ මිථුනයෙත් සිකුරු 4 වැන්න වූ වෘෂභයෙත් තැන්පත් වෙයි. සිකුරුගෙන් මාලවි යෝගය උදාවෙයි. මිල මුදල් ලාභ ලැබේ. නිවාස/ඉඩම් මිලදී ගැනීමටත් වාහන මිලදී ගැනීමටත් මේ කාලය ශුභ වෙයි. තමාගේ හිතද මේ කාලයේ හොඳවෙයි. පෙර තිබූ තරහ කුහකකම් අඩුවී යයි. මවගෙන් මව්පිය උරුමයෙන් යම් යම් දේ ලැබෙන්නට පුළුවනි. සිත් සතුටුවන දේ ඇති විවාහ නොවූ අයට ආදර බන්ධන ඇතිවේ. ඔවුන්ගේ සහ විවාහ වූ අයගේ පවුලේ අයට උසස්වීම් ඇතිවෙයි. පඩි වැඩිවෙයි. පවුලට පිරිස වැඩිවෙයි. දරුවන් බලපොරොත්තුවෙන් සිටින අයට වාසනාවන්ත දරු උපතක් ඇතිවේ. පත්තිනි මෑණියන්ට එවැනි දරුවන් ලැබෙන්න සිටින මව්වරු භාරයක් වෙන්න. අලුත් ඇඳුම් පැලඳුම් ලැබේ. දරුවන් සිටින අයගේ දරුවන් ගැන කල්පනාකාරී වන්න. ඔවුන් ආරවුල් ඇති කර ගන්නා කාලයකි. මන්ද ලග්න ඒරාෂ්ඨකයක්ද මේ කාලයේ ඇති බැවිනි.

 මීන- මීන ලග්න ඔබේ කේන්දරයේ රවි 4 වැන්න වූ මිථුනයෙත් සිකුරු 3 වැන්න වූ වෘෂභයෙත් ගමන් කරයි. මේ කාලයේ අවනම්බුවක් හෝ ලැජ්ජාවක් විඳින්නට ඔබට සිදුවිය හැක. එබැවින් පරිස්සම් විය යුතු කාලයකි. කරදර සහිත කාලයකි. විශේෂයෙන් ඔබේ පණ මෙන් සිටින දරුවන් ගැන කල්පනාකාරී වන්න. ගෙදර අඩුපාඩු මෙන්ම අගහිඟකම් ද ඇතිවිය හැකි බැවින් පුළුවන් තරම් දුරට මේ කාලයේ නුවණින් ක්‍රියා කළ යුතුයි. සතුරන් ඇතිවේ. සමහරවිට ප්‍රසිද්ධියේ සතුරන් ඇතිවේ. එම සතුරන්ට මුහුණ දෙන්නටද නොහැකි වෙයි. ලෙඩ රෝග ඇතිවේ. විශේෂයෙන් පපුවේ අසනීප ඇතිවෙයි. දේපළ විකුණා දමන කාලයකි.

රවි - සිකුරු මාරුව  ගෙනෙයි  - සුබ පල  නිරතුරුව

නාඩි ජ්‍යොතිෂවේදී,  ඉවෝන් දිසානායක
 දු. අංකය: 0715 723 434, 0777 343 437

advertistmentadvertistment
advertistmentadvertistment