රෂීඩ්ගේ දක්‍ෂතාවයෙන් අවසන් පන්දුවේදී ජය

279

පන්දුවාර 20 – 20 පකිස්ථාන සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය යටතේ පෙරේදා (09 වැනිදා) පැවැති තරගයේ අවසන් පන්දුවෙන් ජය ගැනීමට ලාහෝර් කලන්ඩාර්ස් කණ්ඩායම සමත්විය.

ජයග‍්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 16ක් ලබා ගැනීමට නියමිතව තිබූ අතර හතරේ පහර තුනක් එම පන්දුවාරයේ මුල් පන්දු තුනේදී එල්ල කර රෂීඞ් ඛාන් තම කණ්ඩායම ජයග‍්‍රහණ කරා රැගෙන ගියේය.

අබුඩාබිහි පැවැති එම තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉස්ලාමාබාද් යුනයිටඞ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 143ක් ලබාගත් අතර ලාහෝර් කලන්ඩාස් කණ්ඩායම කඩුලූ 5ක් දැවී අදාළ සීමාව ඉක්මවා ගියේය.

ලාහෝර් කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර 4ක් ක‍්‍රියාත්මක කරමින් ලකුණු 9කට එක් කඩුල්ලක් දවාගත් රෂීඞ් ඛාන් පන්දුවට පහරදීමේදී පන්දු 5ක් තුළ ලකුණු 15ක්ද ලබාගත් අතර මේ හේතුවෙන් තරගයේ වීරයා සම්මානයද රෂීඞ් ඛාන්ට හිමිවිණි.

කොරෝනා තත්ත්වය හේතුවෙන් අතරමග නතර කළ පකිස්තානු සුපර් ලීග් තරගාවලිය පෙරේදා (10 වෙනිදා) සිට යළි ආරම්භ විය.

advertistmentadvertistment
advertistmentadvertistment