රසායනාගාර වාර්තාව නොලැබීමෙන් ඉන්දීය බිත්තර ගෙන්වීම ප්‍රමාද වෙයි

95

වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කළ බිත්තර ලක්‍ෂ 20 මෙතෙක් ආනයනය කිරීමට පියවර ගෙන නැතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

කුරුලූ උණ වැනි රෝග රටට ඇතුළුවීමේ අවදානම වළක්වා ගැනීම සඳහා පශු සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති නිර්දේශ අනුව බිත්තර ආනයනය කිරීමට කටයුතු කරන බැවින් එම බිත්තරවලට අදාළ

රසායනාගාර පරීක්‍ෂණ වාර්තාව මෙතෙක් නොලැබීම නිසා ආනයන කටයුතු සිදුකිරීම ප්‍රමාදකර ඇතැයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම ආනයනය කරන බිත්තර අවස්ථා කිහිපයකදී පරීක්‍ෂාවට ලක් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව එම වාර්තාව ලැබුණු පසු මෙම සතිය තුළ බිත්තර ආනයනය කිරීමට හැකිවනු ඇතැයිද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

මෙම බිත්තර බේකරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා පමණක් ලබාදීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment