රසායනික කාබනික හවුල් වගාවට අනුමැතිය

84

කාබනිකම පමණක් නම් රු.20000 ක්

එළඹෙන 2022/23 මහ කන්නයේ දී සියයට 30ක් කාබනික පොහොර හා සියයට 70ක් රසායනික පොහොර යොදා වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබේ.

ඒ අනුව මහ කන්නයේ වී වගාවේ දී කාබනික පොහොර භාවිතා කිරීම දිරිමත් කිරීම සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කරන වී ගොවීන්ට රුපියල් විසිදහසක සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට මුදල් කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ. මෙම සහනාධාරය සඳහා රජය විසින් වෙන් කිරීමට නියමිත මුදල රුපියල් මිලියන දහසය දහසකි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment