රසායනික පොහොර ඉල්ලා කහදුව තේ වගාකරුවෝ විරෝධතාවක

103

කඩා වැටී තිබෙන තම තේ වගාව යළි ගොඩගැනීම සදහා නිසි ප‍්‍රමිතියෙන් යුතු රසයානික පොහොර ලබාදෙන්නැයි ඉල්ලමින් රැකඩහේන කහදුව තේ වතු හිමිකරුවන් පිරිසක් ඊයේ (09) දා කහදුව තේ වගා බිමෙහි විරෝධතාවයක යෙදී සිටියහ.

රසායනික පොහොර ඉල්ලා කහදුව තේ වගාකරුවෝ විරෝධතාවක

විරෝධතාවයට එක්වූ පිරිස විරෝධතා වැකි සදහන් පුවරු අතැතිව විරෝධතා වැකි කියමින් පාගමනින් පැමිණ පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදී සිටියහx එහිදී ඔවුන් ඉල්ලා සිටියේ ක්ෂණිකව රජය විසින් ගත් රසයානික පොහොර නොගෙන්වීමේ තීරණය නිසා සිය තේ වගාවන් මේ වනවිට විනාශවී ගොස් ඇති බවත් යළි සිය වගාවන් යථා තත්වයට පත්කර ගැනීම සදහා නිසි ප‍්‍රමිතියෙන් යුතු පොහොර තමන්ට ලබාදෙන ලෙසත්ය.

මෙම විරෝධතාවය සදහා කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ සභාපති නිශාන්ත පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වැලිවිටිය දිවිතුර උපුල් මහේෂ්, බලපිටිය අනුර යසමිත්
 

advertistmentadvertistment
advertistmentadvertistment