රසායනික පොහොර ගෙන්වීමටත් වඩා භයානකයි – නාමල් කරුණාරත්න

206

කාබනික පොහොර මෙරටට ආනයනය කිරීම රසායනික පොහොර ආනයනයටත් වඩා හානිදායක යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

රසායනික පොහොර යෙදීම තුළින් පොහොර යොදන වගාබිමේ පමණක් බැරලෝහ පතිත වුවත් වගාවකට යොදන ආනයනික කාබනික පොහොරවල ක්‍ෂ්ද්‍රජීවීන් සිටියහොත් එම ජීවීන් අනෙකුත් වගාබිම්වලට ද ව්‍යාප්ත වීමේ හැකියාව පවතින බව ඒ මහතා කියයි.

චීනයෙන් කාබනික පොහොර සාම්පල් ගෙන්වා සිදුකළ පරීක්‍ෂාවේදී එම පොහොර සුදුසු නැතැයි වාර්තාවී ඇති බවත්, බලධාරීන් තම බලය පෙන්වා පොහොර පරීක්‍ෂා කරන ආයතන මගින් එම පොහොර සුදුසු බවට සහතික ලබා ගැනීමේ ප‍්‍රයත්නයක යෙදී සිටින බවට දැනගන්නට තිබෙන බවත් කරුණාරත්න මහතා කීය.

චීනය කාබනික පොහොර මෙරටට ලබාදී පසුව බෝගවලට සෑදෙන රෝග සඳහා විසඳුම් ලෙස රසායනික ද්‍රව්‍ය සැපයීම සිදුකළ හැකි බවද ඒ මහතා අවධාරණය කළේය. දැනටමත් මෙරටට චීනයෙන් ගෙන්වා ඇති පොහොර මුහුදු පැලෑටි උපයෝගී කරගෙන නිපදවා ඇති බවට ප‍්‍රකාශ කළත් එහි මුහුදු ශාක අඩංගුවී ඇත්තේ සියයට 10 ක් පමණක් බවද කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment