රසායනික පොහොර ගේන්න තවත් කාලයක් යයි: සමාගමක් කියයි

181

රසායනික පොහොර ආනයනය කිරීමට රජය විසින් පුද්ගලික අංශයට අවසර ලබාදුන්නද ඒ සඳහා තවත් කාලයක් ගතවනු ඇතැයි පොහොර ආනයනය කරන සමාගමක ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

දැනට ලෝක වෙළෙඳපොළේ පවතින රසායනික පොහොර හිඟය හා ශ‍්‍රී ලංකාවට වැඩි වශයෙන් රසායනික පොහොර ආනයනය කරන චීනය, පොහොර අපනයනය සීමා කර තිබීම ඊට හේතුවී ඇතැයිද එම ප‍්‍රකාශකයා කියා සිටියේය.

ඉකුත් අපේ‍්‍රල් මාසය වන විට ලෝක වෙළෙඳපොළේ යූරියා මෙටි‍්‍රක් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 435 ක්ව පැවතියත් මේ වන විට යූරියා මෙටි‍්‍රක් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 1050ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පැටවීමේ ගාස්තු හා නැව් ගාස්තු එක්වන විට එය තවත් ඉහළ යනු ඇති බවත් එම ප‍්‍රකාශකයා සඳහන් කළේය. සාමාන්‍යයෙන් පොහොර සමාගම් සිදු කරන්නේ ලෝක වෙළෙඳපොළේ පොහොර මිල අඩුවූ විට පොහොර ආනයනය කර ගබඩා කර තබාගෙන අවශ්‍ය කාලසීමාවට වෙළෙඳපොළට මුදා හැරීම වුවත් මේ වන විට ලෝක වෙළෙඳපොළේ පොහොර මිල ඉහළ ගොස් ඇති බැවින් එය සිදුකිරීම අපහසු බව ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment