රසායනික පොහොර දෙන්න බඩඉරිගු ගොවීන්ට ඔන්ලයින් රෙජිස්ටර්

137

එළඹෙන මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා රසායනික පොහොර ලබාදීමට මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගොවීන් ලියාපදිංචි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව බඩඉරිඟු වගා කිරීමට අපේක්‍ෂා කරන ගොවීන් www.agrarian.lk වෙබ් අඩවිය ඔස්සේ මේ මස 30 දිනට පෙර ලියාපදිංචි විය යුතු බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ සඳහා බඩඉරිඟු වගා කිරීමට අපේක්‍ෂා කරන දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින ගොවීන්ට ලියාපදිංචි විය හැකිය.

විශාල වශයෙන් බඩඉරිඟු වගාකරන දිස්ත්‍රික්කයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාකරන ගොවීන් සියලු දෙනාට මෙහි ලියාපදිංචි වන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් සහකාර පොහොර අධ්‍යක්‍ෂ ආර්. ඩබ්. බන්දුල කුමාර මහතා ඉල්ලීමක් කර සිටී.

මේ සඳහා ලියාපදිංචි වීමට පෞද්ගලික දුරකථන පහසුකම් නොමැති ඕනෑම අයකුට ළඟම ඇති ගොවිජන සේවා මධ්‍යස්ථානය හරහා ලියාපදිංචිය සිදුකර ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම් දෙයි.

අදාළ ගොවීන් වෙත පොහොර නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය අනුව බවත් ඒ සඳහා ගොවීන් ලියාපදිංචි වී සිටීම අනිවාර්ය බවත් අනුරාධපුර දිස්ත්‍රික් සහකාර පොහොර අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අනුව එළඹෙන මහ කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ බඩඉරිඟු හෙක්ටයාර හතළිස් දහසක් වගා කිරීම මෙවර සැලසුම වන අතර බඩඉරිඟු ග්‍රෑමයක් රුපියල් 160ක අවම මිලකට මිලදී ගැනීමට රජය සැලසුම් කර තිබේ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment