රසායනික පෝර තහනම් කළ ගෝඨාගේ උපදේශකයෝ අදටත් රහසක් – උදය ගම්මන්පිල

177

ගෝඨාභය රාජපක්ෂ රජය විසින් සිදුකළ විශාල වරදක් වන රසායනික පොහොර තහනම් කිරීම සඳහා උපදෙස් ලබා දුන්නේ කවුරුන්දැයි යන්න අදටත් අබිරහසක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මෙය ක්‍රියාත්මක කිරීමට පෙර තමන් සහ විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළකළ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව කියා සිටියේ උත්තර ලංකා සභාගයේ අනුරාධපුර සමුළුව අමතමිනි. එහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

හිටපු ජනපති මුලින්ම කළේ රුපියල් ටි්‍රලියනයක් විතර අපිට පාඩු වෙච්ච 2019 බදු කප්පාදුව, එය කළේ බැසිල් මල්ලි පාර්ලිමේන්තු ගේන්න 2/3 ට ඕනෑ ඡන්ද ටික හොයා ගන්න. ඒකෙන් මේ ආර්ථිකය මෙච්චර ඉක්මනට කඩාවැටුණා. සාමාන්‍ය පෙළ අසමත් දරුවන් ලක්ෂයකට රැකියා දුන්නේ බැසිල් මල්ලි වෙනුවෙන්. ආණ්ඩුවට විශාල වැය බරක් වුණත් දරුවන්ට වුණු සෙතකුත් නෑ. අවුරුදු තුනකට පස්සෙත් රු. 22,500 පඩියට අස්ථිර රස්සාවක්. එහෙම වෙලා තියෙන්නේ ඒක මේ රස්සා දීමක් නෙවෙයි ඡන්ද විජ්ඡාවක් නිසා. උපාධිධාරීන් හැටදහසකට රජයේ රැකියා දුන්නෙත් බැසිල් මල්ලි වෙනුවෙන්. පෞද්ගලික අංශයේ හොඳ රස්සාවල් කරපු අය අනේ දෙයියනේ ආණ්ඩුවේ රස්සාවක් නේද කියා ඇවිත් රජයේ රස්සාවට එකතුවෙලා අද අස්ථිර රස්සාවක සොච්චම් වැටුපකට ලොටවනවා.
එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment