රසායන පොහොර ගැන හොයන්න කාර්ය සාධක බලකායක්

91


රසායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදු වන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා වන විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම කාර්ය සාධන බළකාය පිහිටුවීම ඉදිරි සතිය තුළදී සිදු කරන ලෙස සෞඛ්‍ය ඇමති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ. එම කාර්ය සාධන බලකාය සඳහා සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකින් යුත් ස්වාධීන කණ්ඩායමක් පත්විය යුතු බවත් ඒ සඳහා පුළුල් අධ්‍යයනයක් සිදුවිය යුතු බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment