රස පරීක්ෂක වැඩත් ඩොලරයේ හිරවෙයි

156

මේ පවතින ඩොලර් අර්බුදය හමුවේ රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ කටයුතුද ඇනහිටීමේ අවදානමක් මතුවී ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

රස පරීක්‍ෂක කාර්යාලයේ පරිගණක මෘදුකාංග, පරීක්‍ෂණ කටයුතු සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම අත්හිටුවා ඇති නිසා මෙම තත්ත්වය මතුව ඇතැයිද ඔහු පැවසීය. මෙලෙස රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ කටයුතු නතර වුවහොත් දැනට විභාගවන නඩු විශාල ප‍්‍රමාණයක් සඳහා රස පරීක්‍ෂක වාර්තා ලබාදීමට නොහැකිවන බව පැවසූ එම ප‍්‍රකාශකයා එසේ වීමෙන් අදාළ නඩු විභාගවීම ප‍්‍රමාදවීම නිසා දැනට බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් රැසකට ද බන්ධනාගාරගතව සිටීමට සිදුවන කාලය වැඩිවන බව ද කීවේය. මෙලෙස නඩු විභාග ප‍්‍රමාදවීම නිසා ඇතැම් සිරකරුවනට වසරකට වැඩි කාලයක් බන්ධනාගාරවල රැඳී සිටීමට සිදුවන බව ද එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment