රහස් වට්ටෝරුවකින් එන සුවඳ දුමක්

810

භූතානයේ ‘‘නාදෝ පොයිසොඛංග්’’ සුවඳ දුම් නිෂ්පාදනාගරයේ රහස් වට්ටෝරුව ඉතාම ප‍්‍රසිද්ධ රහසක්. මේ සුවඳ දුම් නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය ලෙසින් යොදා ගෙන තිබෙන්නේ ‘‘දග්පිමා’’ සුවඳ දුමට අධිපති දේවතාවිය විසින් හඳුන්වා දෙන ලද වට්ටෝරුවක් බවට විශ්වාස කරනවා. ‘‘නාදෝ පොයිසොඛංග්’’ සුවඳ දුම් නිෂ්පාදනාගාරයේ මේ දේවතාවියගේ ඡුායාරූපයක් එල්ලා තිබෙනවා. ඇගේ උඩුකය නිරුවත්. මල් යායක් මැද තනි පාදයෙන් සිටගෙන සිටින අතර රන් ඔටුන්නක්, පද්මරාග සහ මරකත මාණික්‍යයෙන් බැඳි මාලයක් පැළඳ සිටින අතර අතේ දුම් විහිදෙන යෂ්ටියකි.

රහස් වට්ටෝරුවකින් එන සුවඳ දුමක්

මේ ගැන අදහස් දක්වමින් නාදෝ කියා සිටින්නේ ‘‘දග්පිමා’’ වැනි බෞද්ධ දේවතාවියන් විසින් සුවඳදුම් පිළිබඳව ලෝකය පුරා පතුරා තිබෙනවා.

 භූතානයේ සුවඳදුම් පූජාව පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇති රටක්. සාමාන්‍යයෙන් ආසියාතික රටවල්වල ආගමික කටයුතු සහ උත්සව අවස්ථාවන්හිදී සුවඳදුම් යොදා ගත්තත් භූතානය සංස්කෘතියට අනුව දවස පටන් ගැනීමේදී වගේම දවස අවසානයේදීත් සුවඳ දුම් ඇල්ලීම සිදු කරන රාජ්‍යක්. සුවඳ කුඩු නිවෙස්වල, ආශ‍්‍රම සහ පන්සල්වල ගිනි අ`ගුරු මත ඉස දල්වනවා. එය දේවපූජාවක් විතරක් නොවෙයි, ශුද්ධ කුටි සහ වස්තූන් පවිත‍්‍ර කිරීමටත්, නපුරු ආත්ම පලවා හැරීමටත්, සෘණ සිතුවිලි සහ ශක්තින් මුලිනුපුටා දැමීමටත් භාවිතා කරනවා. ඒවායේ චිකිත්සක ගුණයකුත් තිබෙනවා. සෞම්‍ය සුවඳ දුම මනස පෝෂණය කරනවා. ඉන්ද්‍රියයන් උත්තේජනය කරනවා. ඒ නිසාම මානසික ප‍්‍රබෝධයක් වගේම මනස සන්සුන් කරනවා. මේ සුවඳ දුම නිසා සෞඛ්‍ය සහ සතුට ගොඩ නැගෙන අතර විවිධාකාරයේ ලෙඩ රෝගවලින්ද නිදහස් වෙන බවටත් විශ්වාස තිබෙනවා. මේ වට්ටෝරුවට අමතරව මින්ඩ්‍රෝලි ටිබෙට් ආශ‍්‍ර‍්‍රමයේ ප‍්‍රසිද්ධ සුවඳ දුම් වට්ටෝරුව පදනම් කර ගෙන තිබෙනවා. ඒ වට්ටෝරුව අවුරුදු 350 ක් පමණ පැරණියි. ඔවුන් ඉතාමත් ප‍්‍රවේසමෙන් මේ වට්ටෝරු ආරක්ෂා කරන අතර ඒවා ගැන ඔහුගේ දියණිය ‘‘ලැම්ඩොං’’ පමණි. අද වෙන විට හිමාල රාජධානිය පුරා පිහිටි නිවෙස් සහ ආශ‍්‍රමයන්හි මෙම වට්ටෝරු යොදා ගෙන නිෂ්පාදනය කරන ලද සුවඳ දුම් වෙනුවෙන් විශාල ඉල්ලූමක් ඇති වී තිබෙනවා. කොටින්ම භූතානයේ රජතුමා පවා සිය මාළිගාවේ සුවඳවත් කිරීම වෙනුවෙන් ‘‘නාදෝ පොයිසොඛංග්’’ නිෂ්පාදන ඉල්ලා සිටිනවා.

රහස් වට්ටෝරුවකින් එන සුවඳ දුමක්



 * ‘‘නාදෝ පොයිසොඛංග්’’ නිෂ්පාදනාගාරය

 මෙහි අධිපති නාදෝ සඳහන් කරන්නේ මේ සුවඳදුම් නිෂ්පාදනයට යොදා ගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය පමණයි. භූතානයේ සුවඳ දුම් නිෂ්පාදනයට යොදා ගන්නා ජුනිපර් අතු, ජටාන්සි මල් වැනි දේවල් යොදා ගන්නවා. ජටාමන්සි මල් බොහොම සුවඳයි. අපි යොදා ගන්නා ශාක සහ පත‍්‍ර ඉතාම පිරිසිදුයි. සංචාරක යැක් ගව එෙ`ඞ්රවරු මේ අමුද්‍රව්‍ය අපට සපයනවා. නමුත් බොහොම දුෂ්කර ජීවිතයක් ගෙවන මේ එෙ`ඞ්රුන් මේවා ලබා දී ආදායමක් උපයා ගන්නවා.

රහස් වට්ටෝරුවකින් එන සුවඳ දුමක්

ගඳ සුවඳ දුම් සහ හඳුන්කූරු නිෂ්පාදනය වෙනුවෙන් බොහෝ අය යොදා ගන්නේ රසායනික සංයෝග නිසා ඒ සුවඳ දරා ගන්න අපහසුයි. ඒ නිසා හිසකැක්කුම ඇති වෙනවා. බාල අමුද්‍රව්‍ය යොදා ගෙන අඩු මිලට අලෙවි කරනවා. මේවායේ ප‍්‍රමිතිය පවත්වා ගැනීමට නෙළා ගන්න කාලය ඉතාම වැදගත්. මෝසම අවසානයේදී ‘‘තෲ-බබ්’’ ආශිර්වාද වර්ෂාව ලැබෙනවා. එයින් පසුව එලැඹෙන අලූත් දිනයේ පටන් කොළ සහ මල්වලට ඉර උණුහුම ලැබෙනවා. රහස් වට්ටෝරුවේ සුවඳ ලබා ගැනීමට නම් මේ සුවඳ අවශ්‍යයි. එය ලැබෙන්නේ පරිසරයට අනුව නිසි කාලයට නෙළා ගත්තොත් විතරයි.

 මම මුල් වට්ටෝරුවට යොදා ගන්නා තරම් කුංකුම යොදා ගන්නේ නැහැ. ඒවායේ මිල වැඩි නිසා මම ‘‘දෘක්පා කාග් යු’’ බෞද්ධ ගුරුකුලෙය් තවත් වට්ටෝරුවක් සමග මිශ‍්‍ර කළා. අපි සාමාන්‍ය සුවඳ දුම් වෙනුවෙන් අමුද්‍රව්‍ය 30 ක් සහ ආගමික උත්සව වෙනුවෙන් භාවිතා කරන සුවඳ කුඩුවලට අමුද්‍රව්‍ය 108 ක් යොදා ගන්නවා. බෞද්ධයන්ට 108 සුබ අංකයක්. ඒ නිසා බෞද්ධ ජ්‍යොතිෂයට අනුව මේ විශේෂ සුවඳකුඩු නිෂ්පාදනය කිරීමට පූජනීය දිනයක් යොදා ගන්නවා.

 * අමුද්‍රව්‍ය ගැන කිසිම කෙනෙකුට අදහසක් නැහැ..

 සුවඳ කුඩු නිෂ්පාදන සඳහා යොදා ගන්නා වියළි සුවඳ ද්‍රව්‍ය, ලී පතුරු, මල්, පොතු සහ පත‍්‍ර මෝලක දියකරනවා. දියකරන අමුද්‍රව්‍ය ගැන සේවකයන් දැන ගත්තත් එහි අනුපාතය ගැන ඔවුන්ට අදහසක් නැහැ. මේ සුවඳ කුඩු ජලය, මීපැණි සහ ස්වභාවික දම් වර්ණය සමග මිශ‍්‍ර කර ගෙන මෝලියක් සාදා එය සතියක් පුරා පිපෙන්න තබනවා. මේ කාලයේදී මිශ‍්‍රණය නරක් නොවී රැුකගැනීමත් ලොකු කාර්යක්. සුවඳ තවත් වැඩි කරන්න ඒවා අසුරන්න පෙරාතුව තවත් ඖෂධීය ශාක කොටස් එකතු කරනවා.

 * හැඩ කිරීමේ කාමරය..

 හඳුන්කුරු හැඩ කිරීමේ කාමරයේ සේවිකාවන් දොළොස් දෙනෙක් සිටිනවා. එක් සේවිකාවක්

 (ග්යෙන්සැං) පිටි මෝලියෙන් කොටසක් යන්ත‍්‍රයකට ඇතුළු කළා. තත්පර කීපයක් තුළ ඒවා දඟර ලෙන නිකුත් වෙද්දී තැටියකට ගන්නවා. මේවා දිග හැරීමට තවත් සේවිකාවක් සිටිනවා. දිග හැරීමෙන් පසුව අටුවක දමා වියළාගෙන ඒවා ගැළපෙන ප‍්‍රමාණයට කපා මිටි බඳිනවා. දැනට මේ පුරාණ වට්ටෝරුවට නිෂ්පාදනය කරන හඳුන්කූරු වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ එක්සත් රාජධානිය වැනි රටවලින් පවා ඉල්ලූම තිබෙනවා.

 නාදෝගේ සුවඳදුම් සපයන ආශ‍්‍රමයක භික්ෂුන්වහන්සේ නමක් වන ‘‘වන්ග්වුක් ’’ හිමියන් පවසා සිටින්නේ ‘‘ජීවන ගමනේ හමු වෙන නපුරු පෙරනිමිති සහ බාධා නැති කර ගැනීමට සුවඳ දුමට හැකියාවක් තිබෙන බවයි.

 (බීබීසී පුවත් ඇසුරිනි)

පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment