රහසිගත තොරතුරු අඩංගු පාස්කු වාර්තාව එළියට දාන්න… බැෂලේ රජයෙන් ඉල්ලයි  

243

ජාතික ආරක්‍ෂාවට අදාළ රහසිගත කරුණු අඩංගු පාස්කු වාර්තාව ප‍්‍රකාශයට පත්කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලා ඇත.

මෙම වාර්තාව ආරක්‍ෂක හේතූන් මත ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැත.

පාස්කු ප‍්‍රහාරය ගැන බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් රහසිගත තොරතුරු එම වාර්තාවට ඇතුළත් වී තිබේ. මෙම වාර්තාව ප‍්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලීමෙන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය ජාතික ආරක්‍ෂාවට ඍජුව මැදිහත්වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

පාස්කු ප‍්‍රහාරයට අදාළ අවසාන වාර්තාව ද තමන්ට ලබාදී නැතැයි මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ද රජයට චෝදනා කර තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment