රළ පනාවේ ඇවිදින මංතීරුවක් හදා පරාක‍්‍රම සමුද්‍රය විනාශ කිරීම අහස පොළොව නුහුලන අපරාධයක්… ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය කියති

244

පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාව ගලවා ඉවත්කර ඒ මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට එරෙහිව දිස්ත‍්‍රික්කයේ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය ඊයේ (27 දා) පෙරවරුවේ එම වැව් බැම්ම මතදී විරෝධතාවක නිරත වූහ.

 වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දැනට එහි සිදුකරමින් තිබෙන බැකෝ යන්ත‍්‍රයක් යොදාගෙන රළපනාවේ කලූගල් ඉවත් කිරීම වහාම නවතා දමන ලෙසට උන්වහන්සේලා බලකර සිටියහ. පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලූගල් ආදිය ඉවත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව එහි කිලෝ මීටර් එක හමාරකට අධික දුරකින් යුත් ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් ප‍්‍රදේශයේ ගොවි ජනතාවගෙන් මූලික විරෝධතාව පළවී තිබිණි.

රළ පනාවේ ඇවිදින මංතීරුවක් හදා පරාක‍්‍රම සමුද්‍රය විනාශ කිරීම අහස පොළොව නුහුලන අපරාධයක්... ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය කියති

ගොවි ජනතාවගේ සහ ගොවි සංවිධානවල විරෝධය නොතකා මෙම ඉදිකිරීම කරන බව එහි පැමිණ සිටි ස්වේච්ඡුා සංවිධාන නියෝජිතයෝ සහ ගොවි ජනතාව මහා සංඝ රත්නය වෙත සැලකර සිටියහ. පරාක‍්‍රම සමුද්‍රයේ ප‍්‍රධාන සොරොව්වේ සිට දෙකේ ඇළ සොරාව්ව පසුකර දිසාපති නිල නිවස පිහිටා තිබෙන ස්ථානයට ආසන්නය තෙක් මෙම ඇවිදින මං තීරුව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවද ඔවුහු එහිදී ප‍්‍රකාශ කළහ.

රළ පනාවේ ඇවිදින මංතීරුවක් හදා පරාක‍්‍රම සමුද්‍රය විනාශ කිරීම අහස පොළොව නුහුලන අපරාධයක්... ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය කියති

මහා සංඝ රත්නය වැව් බැම්ම මත වාඩිවී සත්‍යග‍්‍රහයකද නිරතවූ අතර දැනට පොලොන්නරුවේ ජනතාවගේ හදවත බඳු මෙම වැවේ විනාශය සඳහා යොදවා තිබෙන යන්ත‍්‍ර සූත‍්‍ර සහ පිරිස වහාම එම ස්ථානයෙන් ඉවත්කර ගන්නා ලෙසටද වාරිමාර්ග නිලධාරීන්ට බලකර සිටියහ. ‘‘අක්කර අඩි එක් ලක්‍ෂ දාහත් දාහක පමණ විශාල ජල කඳක් දරාගෙන සිටින මේ වැව පොලොන්නරුවේ පුරාවස්තුවක්. ඒ වගේම ඓතිහාසික උරුමයක්. ඇතැම් උදවිය මේක තමන්ගේ පෞද්ගලික බූදලයක් හැටියට සළකලා මේ අන්දමට විනාශ කිරීම අහස පොළොව නුහුලන අපරාධයක්. මේ විදියේ විනාශකාරී ක‍්‍රියාවලට ප‍්‍රදේශයේ මහා සංඝ රත්නය හැටියට අපට කිසිසේත්ම එකඟ වෙන්න බෑ. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම මේ විනාශකාරී ක‍්‍රියාවට විරුද්ධයි. මේ කටයුත්ත වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුලූ වගකියුතු සියලූම දෙනාට කියනවා මෙවැනි අපරාධ මින් ඉදිරියට නොකරන්න කියලා.. යැයි මහා සංඝරත්නය එහිදී ප‍්‍රකාශ කළහ.

උතුරු මැද පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක, පොලොන්නරුව, කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමිපාණන් වහන්සේ සහ පොලොන්නරුව පළාතේ උප ප‍්‍රධාන සංඝනායක පුලස්තිගම ශ‍්‍රී ශාක්‍යබිම්බාරාමාධිපති පූජ්‍ය යටිහලගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ පුමුඛ ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නය මේ අවස්ථාවට වැඩමකර සිටියහ. පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා ඇතුලූ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මහා සංඝ රත්නය විරෝධතාව දක්වමින් සිටි ස්ථානයට පැමිණ වැව් බැම්මේ දැනට සිදු කෙරෙන සංවරධන කාර්යය තාවකාලිකව නැවැත්වීමට සහ ඉදිරියේදී පවත්වනු ලබන සාකච්ජාවකින් පසුව ගනු ලබන තීරණ දැනුම් දීමටත් පොරොන්දුවීමෙන් පසුව මහා සංඝ රත්නය එම ස්ථානයෙන් පිටව ගියහ.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment