රාගම වෛද්‍ය ශිෂ්‍ය ගැටුමින් රාජ්‍ය ඇමැති අරුන්දික නිදහස්

258

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධයක් නැතැයි ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ කමිටු වාර්තාවේ දක්වා ඇත.එම වාර්තා ජනාධිපතිවරයා වෙත ඊයේ රාත්‍රියේ භාරදී තිබේ.අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස මහින්දානන්ද අලුත්ගමගේ සහ රමේෂ් පතිරණ යන මහත්වරු කටයුතු කළහ.එහි නිර්දේශ අනුව මෙම ගැටුම තෙවන වසරේ සහ සිව්වන වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ අත්තනෝමතික ගැටුමක් මිස සැලසුම් සහගතව සිදුකළ ගැටුමක් නොවන බව සඳහන් කර ඇත.මෙම ගැටුම පෙබරවාරි මස 01වැනිදා රාත්‍රියේ සිසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment