රාගල ගින්නෙන් මියගිය අය හඳුනා ගනී

497


රාගල පොලිස් වසමට අයත්, රාගල අංක 01 වත්තේ පහළ කොටසේ නිවසක ඊයේ රාත‍්‍රී 10.30 ට පමණ ඇතිවූ හදිසි ගින්නෙන් පිළිස්සී මිය ගිය පස්දෙනාගේ මළ සිරුරු හඳුනාගෙන ඇත.
මෙම ගින්නෙන් මියගොස් ඇත්තේ රාමයියා තංගයියා(59) ඔහුගේ බිරිඳ වන සිවනුමුත්තු ලෙච්චුමී (54) ඔවුන්ගේ දියණියක් වන ජෙයකුමාර් නදියා (35) ඇගේ වයස අවුරුදු 11 ක හා අවුරුදු 01 ක පිරිමි දරුවන් දෙදෙනොය.

advertistmentadvertistment
advertistmentadvertistment