රාජකාරි නිමවා පොලිසියට යමින් සිටි අරණායක කොස්තාපල් යතුරුපැදිය පෙරළී ජීවිතක්ෂයට

445

උස්සාපිටිය මහජන ක්‍රීඩාංගනයේ විශේෂ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු රාජකාරි නිමවා අරණායක පොලිසිය බලා ගමන් කරමින් සිටියදී 09 දා අළුයම යතුරු පැදිය අනතුරට ලක්වීමෙන් 22 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් පසු මරණයට පත්ව ඇතැයි අරණායක පොලිසිය පැවසීය.

අනතුරින් මරණයට පත්ව අත්තේ අරණායක පොලිසියට අනුයුක්තව සේවයේ නිරතව සිටි ආධුනික පොලිස් කොස්තාපල් 100115 ඩී. ශේෂාන් අමරසිංහ නමැති කන්තලේ අග්බෝපුර පදිංචිකරුවෙකු බවද පොලිසිය පැවසීය.

උස්සාපිටිය මහජන ක්‍රීඩාංගනයේ පැවැති සැනකෙළියේ රාජකාරිය නිමවා මිතුරකුගේ යතුරු පැදියක ගමන් කරමින් සිටියදී වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් යතුරු පැදිය ලිස්සා ගොස් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහරෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසුව මරණයට පත්ව ඇතිබව පොලිසිය පැවසීය.

අනතුරට සම්බන්ධ යතුරු පැදියේ පැදිකරුවන 25 හැවිරිදි තරුණයෙකු පොලිසියට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මහනුවර මහරෝහලදී සිදුකිරීමට නියමිතව ඇති බවද පොලිසිය පැවසීය.

අරණායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කන්දේවත්තේ මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අබේසුන්දර, පොලිස් කොස්තාපල් 70940 එරංග යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අරණායක රෝහණ ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment