රාජකාරි වේලාවේ ගෙවල් හදන්න ගිය සරසවි ලේඛකාධිකාරීට වැඩ වරදී

1390

නිවස අලූ‍ත්වැඩියාව සඳහා රාජකාරි වේලාවේ විශ්වවිද්‍යාල සේවකයින් කැටුව ගිය බවට වන චෝදනා මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වැඩ ඉංජිනේරු සහ වැඩ අධිකාරීවරයා යන තිදෙනා සේවයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කර තිබේ.

මෙලෙස සේවයෙන් නෙරපා ඇත්තේ සමන් රාජපක්ෂ පුෂ්පික පණ්ඩිතරත්න සහ යූ බණ්ඩාරනායක යන අය වෙති.

ලේඛකාධිකාරීවරයාට අයත් පේරාදෙනියේ ටිවර්ටන් ප‍්‍රදේශයේ පිහිටි නිවස අලූ‍ත්වැඩියාව සඳහා 2020 දෙසැම්බර් මස දිනෙක විශ්ව විද්‍යාල සේවක පිරිසක් රාජකාරි වේලාව තුලදී යොදාගැනීමත් විශ්වවිද්‍යාල වැඩ දෙපාර්තමේන්තුවට අයත් උපකරණ තොගයක් අනුමැතියකින් තොරව ලබා ගැනීමත් යන චෝදනා මත මෙම තිදෙනාට එරෙහිව පරීක්ෂණයක් සිදු කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment