රාජකීයයන් සහ තෝමසුවන් 142 වැනි වරටත් ගැටෙන ‘නිල් මහ සටන’ හෙට

303

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් යන ප‍්‍රමුඛ පිරිමි පාසල් දෙක අතර ඞී.එස්. සේනානායක අනුස්මරණ පළිහ වෙනුවෙන් අඛණ්ඩව 142 වැනි වරටත් පැවැත්වෙන ‘නිල් මහ සටන’ කි‍්‍රකට් තරගය හෙට (28 වැනිදා)  කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. එ් අනුව ලබන 30 වැනිදා දක්වා කි‍්‍රයාත්මක මෙම දෙදින කි‍්‍රකට් තරගය සඳහා 12 වැනි වරටත් ප‍්‍රධාන අනුග‍්‍රාහක ශක්තිය එකතු කිරීමට ඩයලොග් ආසිආටා සමාගම ඉදිරිපත් වී සිටී.

රාජකීයයන් සහ තෝමසුවන්  142 වැනි වරටත් ගැටෙන ‘නිල් මහ සටන’ හෙට

මෙරට ප‍්‍රමුඛතම පාසල් ක‍්‍රිකට් තරගයක් වන නිල් මහ සටන, සෑම වසරකම මාර්තු මස දෙවැනි සතියේ එස්.එස්.සී.  ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීම සම්ප‍්‍රදාය වුවද, උද්ගත වූ තත්ත්වය හමුවේ එය කල්දමමින් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පේ‍්‍රක්ෂක සහභාගිත්වයෙන් තොරව පැවැත්වීමට යෙදුණි. නමුත් කොවිඞ්-19 ඩෙල්ටා ප‍්‍රභේදය රටේ පැතිර යෑමත් සමගින් මෙම මහ ක‍්‍රිකට් ගැටුම තවදුරටත් කල්දැමීමට සිදුවිය.

කොවිඞ්-19 තත්ත්වය යහපත් අතට හැරීම සහ ක‍්‍රිකට් තරග ඇතුළු ක‍්‍රීඩා තරග කිහිපයක කටයුතු යළි ආරම්භ කිරීමට රජයේ අවසර හා අනුමැතිය හිමිවීමත් සමඟ අදාළ ක‍්‍රිකට් උපදේශන කමිටුව සහ ඒකාබද්ධ තරග සංවිධායක කමිටුවේ උපදෙස් හා සැලසුම්වලට අනුව තරගය පැවැත්වීමට දෙවිදුහල් ප‍්‍රධානීහු තීරණය කළහ. සංවිධායකයන් විසින් දැඩිව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට එකඟවීම යටතේ, මේ සඳහා රජයේ අදාළ අංශ වෙතින් අවසරය ද හිමිවිය. ඒ අනුව මෙම තරගය ආරාධිතයන් හෝ පේ‍්‍රක්ෂකයන්ගේ සහභාගිත්වයකින් තොරව පැවැත්වීමට යෙදී තිබේ.

1880 වසරේදී ආරම්භ වූ නිල් මහ සටන තරග ඉතිහාසයේදී කණ්ඩායම් දෙකම මේ වනවිට ජයග‍්‍රහණ 35 බැගින් වාර්තා කිරීමට සමත් වී තිබේ. අවසන් වරට නිල්මහ සටනක් ජයගනිමින් මේ වන විට අදාළ කුසලාන ශාන්ත තෝමස් විදුහල සතුව පවතින අතර වර්ෂ 2020දී තෙවින් ඊරියගමගේ නායකත්වයෙන් සුපිරි දස්කම් දක්වමින් ශාන්ත තෝමස් පිළ හිමිකරගත් එම කුසලාන තමන් සන්තකයට ගැනීම පිණිස, රාජකීය පිල අභියෝගයට සැරසී සිටියි. රාජකීය පිල අවසන් වරට නිල් මහ සටනක් ජයගෙන ඇත්තේ ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වය යටතේ 2016 වසරේදීය.

මෙම තරගය ඇසුරින් ඡුක්හ දෙර ් ක්‍්මිැ නම් සත්කාරක අරමුදලක් උදෙසා මුදල් දායකත්වය සැපයීමට ඩයලොග් කටයුතු කරන අතර, ඒ අනුව මෙම තරගයේදී රැුස්කරනු ලබන එක ලකුණක් වෙනුවෙන් රුපියල් 1000ක්ද දවා ගන්නා එක් කඩුල්ලක් වෙනුවෙන් රුපියල් 10000ක්ද එම අරමුදලට බැර කිරීමට ඩයලොග් ක‍්‍රියා කරයි. ඉකුත් වසරේ නිල් මහ සටනේදී මෙම ඡුක්හ දෙර ් ක්‍්මිැ අරමුදල වෙනුවෙන් එසේ ඩයලොග්

විසින් පිරිනැමුනු මුදල රුපියල් 1,008,000 ක් විය. රාජකීය විදුහලේ සහ ශාන්ත තෝමස් විදුහලේ විදුහල්පතිවරුන්ගේ අනුදැනුම සහ උපදේශනය යටතේ උපකාර අවැසි පාසල්වලට සහය දීම සහ ඒවා බලගැන්වීමට මෙහි අරමුදල් යෙදවේ. ඡුක්හ දෙර ් ක්‍්මිැ අරමුදල මගින් මේ දක්වා රුපියල් 6,151,000 වටිනා ක‍්‍රිකට් ආම්පන්න ආධාර අවැසි පාසල් 22ක් වෙත ප‍්‍රදානය කර තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment