රාජකීයයේ රංචාගොඩ  බාලක කේවල ශූරතාව දිනයි

190

බාලිකා කේවල ශූරතාව මියුසියස් ඔනලිට

බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා මේසපන්දු තරගාවලිය

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාගාරයේදී පවත්වන ලද බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා මේසපන්දු තරගාවලියේ බාලක කේවල ශූරතාව කොළඹ රාජකීය විදුහල නියෝජනය කළ ටී. එම්. රංචාගොඩ දිනා ගත්තේය.

එකී අනුශූරතාවය කොළඹ ආනන්ද විදුහලේ ඩබ්ලිව්. ඩී. වී. රන්දින සිල්වා හිමි කර ගන්නා අතර වාරයේ තෙවැනි ස්ථානය එච්. පී. වරුෂවිතාන (කොළඹ ආනන්ද විදුහල) සතු විය.

මෙවර බාලිකා කේවල ශූරතාව කොළඹ මියුසියස් විදුහල නියෝජනය කළ ඔනලි ලෙහන්සා දිනාගත් අතර අනුශූරතාවය මිනදි සවිදුලා (කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විදුහල) ට හිමි විය. කොළඹ කාන්තා විදුහලේ මින්නා හස්මි තෙවැනි ස්ථානය තහවුරු කර ගත්තාය.

ඒ ඒ වයස් සීමාවන් හී ජයග්‍රාහක පාසල් පහත දැක්වේ.

අවුරුදු 16 න් පහළ බාලක

1. කොළඹ රාජකීය විදුහල

2. කොළඹ ආනන්ද විදුහල

3. කොළඹ නාලන්ද විදුහල

අවුරුදු 16 න් පහළ බාලිකා

1. කොළඹ මියුසියස් විදුහල

2. ගම්පහ සිරිකුරුස විදුහල

3. කොළඹ විශාඛා විදුහල

අවුරුදු 18 න් පහළ බාලක

1. කොළඹ රාජකීය විදුහල

2. කොළඹ ආනන්ද විදුහල

3. කොළඹ නාලන්දා විදුහල

අවුරුදු 18 න් පහළ බාලිකා

1. කොළඹ මියුසියස් විදුහල

2. කොළඹ කාන්තා විදුහල

3. කොළඹ විශාඛා විදුහල

අවුරුදු 20 න් පහළ බාලක

1. කොළඹ ආනන්ද විදුහල

2. කොළඹ රාජකීය විදුහල

3. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල

අවුරුදු 18 න් පහළ බාලිකා

1. ගල්කිස්ස බෞද්ධ බාලිකා විදුහල

2. කිරිබත්ගොඩ විහාර මහා දේවි බාලිකා විදුහල

3. කොළඹ කාන්තා විදුහල

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment