රාජකීය, ආනන්ද, විශාඛා ඇතුළු ප‍්‍රධාන පෙළේ ජාතික පාසල් 11 කට මේ සතියේ නව විදුහල්පතිවරු

734

HTML clipboard

දැනට පුරප්පාඩුව පවතින රාජකීය, ආනන්ද, විශාකා ඇතුළු ප‍්‍රධාන ජාතික පාසල් 11 ක් ස`දහා විදුහල්පතිවරුන් පත්කිරීම මෙම සතියේ සිදු කිරීමට නියමිතය.

ආනන්ද, විශාඛා, තර්ස්ටන්, රාජකීය, කොට්ටාව ධර්මපාල, ගාල්ල රිච්මන්ඞ්, මාතර රාහුල, ලූම්බිණි ඇතුළු තවත් පාසල් දෙකක් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීම ස`දහා නම් 11ක් රාජ්‍ය සේවා කොමිසම වෙත යැවීමට කටයුතු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (16දා* පැවැසීය.

මෙම ප‍්‍රධාන පාසල් ස`දහා විදුහල්පති විශේෂ ශේ‍්‍රණියේ විදුහල්පතිවරුන් 30 ක් පමණ සම්මුඛ පරීක්‍ෂණවලට කැ`දවා ඔවුන් අතරින් මෙම පිරිස තෝරාගත් බවද ලේකම්වරයා කීය.

මීට පෙර ජාතික පාසල් ස`දහා විදුහල්පතිවරුන් පත්කිරීම ඇමැතිවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අභිමතය පරිදි සිදු වුවත් මෙවර එය වෙනස් කරමින් විදුහල්පතිවරුන් පත්කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිසම වෙත ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment