රාජකීය විදුහල එක් දින තරගයත් ජය ගනී

198

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන මස්තාන් කුසලාන එක් දින ක්‍රිකට් තරගයේ දී කඩුළු 07ක ජයක් කොළඹ රාජකීය විද්‍යාලයට හිමි විය. 46 වැනි වරටත් පැවති මෙම ක්‍රිකට් තරගය අද එස්එස්සී ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. පළමුව පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායමට පන්දුවාර 48.2කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165කි. රාජකීය විද්‍යාල කණ්ඩායම පන්දුවාර 37ක දී කඩුළු 03ක් දැවී ලකුණු 166 ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment