රාජකීය විදුහල ලකුණු 96 ක් පිටුපසින්

188

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර පැවැත්වෙන 143 වැනි නිල් මහ සටන තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (22 වැනිදා) තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම ශාන්ත තෝමස් විදුහලට වඩා ලකුණු 96ක් පිටුපසින් සිටියේය.

ඒ වනවිට රාජකීය විදුහල කඩුලු 4ක් දැවී ලකුණු 136ක් රැස් කරගෙන සිටි අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 242 ක් ලබා ගත්තේය.

පෙරේදා (21 වැනිදා) දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 207ක් ලබාගෙන සිටි ශාන්ත තෝමස් විදුහලේ ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙස චාරුක පීරිස් දැවී ගිය අතර ඔහු සමග පෙරේදා දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි මහිත් පෙරේරා එම කණ්ඩායමේ අවසන් පිතිකරුවා ලෙස දැවී ගිය අතර ඔහු ලකුණු 33ක් ලබා ගත්තේය.

පන්දු 83කට මුහුණ දුන් මහිත් පෙරේරා හතරේ පහරවල් දෙකක් පමණක් සිය ඉනිමට එක්කර ගත් අතර ඔහු තම කණ්ඩායම වෙනුවෙන් තෙවැනියට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා විය.

පිළිතුරු ඉනිම ඇරඹූ රාජකීය විදුහලේ පළමු කඩුලු දෙක ලකුණු 15ක් තුළ බිඳ වැටුණ ද තෙවැනි කඩුල්ල වෙනුවෙන් කඩුලු 60ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සිනෙත් ජයවර්ධන සහ උවිඳු වීරසේකර දෙදෙනා සමත් වූහ. සිනෙත් ජයවර්ධන ලකුණු 32කට දැවී ගිය අතර උවිඳු වීරසේකර නොදැවී ලකුණු 62ක් ද දසිත් මංචනායක ලකුණු 17ක් ද ලබා ගත්හ.

ශාන්ත තෝමස් විදුහලේ කවිඳු ඩේස් රාජකීය විදුහලේ මුල් කඩුලු දෙක දවා ගත් අතර ජනිඳු අබේගුණවර්ධන තෙවැනි කඩුල්ලට හිමිකම් කීය.

අද (23 වැනිදා) තරගයේ අවසන් දිනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment