රාජකීය වීදි වෙළෙන්දා  මහරැජනට සොව පළ කරයි

553

ජිනදාස ලියනගේ හෙවත් අහිංසක කියන්නේ රාජකීය පවුලට අවුරුදු 30 ක් තිස්සේ ලිපි ලියන වීදි වෙළෙන්දෙක්. එනිසාම ඔහු රාජකීය වීදි වෙළෙන්දා යන නාමයෙන්ද බොහෝ දෙනා හඳුන්වනවා.

ඔහු ලියන ලිපි වලට රාජකීය පවුලෙන් ප්‍රතිචාර ලැබී තිබෙනවා. ඒ හැම ලිපියක්ම ලැබුණේ ඔහුගේ සුළු ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන ගිය අංක 38 ඒ, ට්‍රෑම්කාර් කුලුන අසල, අඩි 100 පාර වංගුව, බෝධිරාජ මාවත, කොළඹ 11 යන ලිපිනයටයි.

රාජකීය වීදි වෙළෙන්දා  මහරැජනට සොව පළ කරයි

පසුගිය වසරේ කොරෝනා සමයේදී තමන්ගේ ව්‍යාපාරික ස්ථානය හදිසියේ ගිනිගැනීමත් සමඟ තමන් ඉතා අසරණ තත්ත්වයට පත්වූ බව ඔහු පවසනවා. ඍදහ්ක ක්‍දරබැර නමින් පවත්වාගෙන ගිය තමන්ගේ ව්‍යාපාරික ස්ථානය කවුරුන් හෝ ගිනි තැබුවාද යන සැකයක් පවතින බවද ඔහු පවසනවා.

ඔහු රාජකීය පවුලට ඇති ආදරය නිසාම බි්‍රතාන්‍යයේ මහ රැජන වශයෙන් කිරුළ පැළදූ දෙවන එළිසබෙත් රැජනගේ අභාවයෙන් ඉමහත් සංවේගයට පත්ව සිටිනවා. ඔහු තමන්ගේ

ගිනිගත් ව්‍යාපාරික ස්ථානයේදී මහ රැජනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් බැනරයක් ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ජිනදාස ලියනගේ එම ස්ථානයේ පහන් දල්වා සුදුකොඩි ඔසවා රාජකීය පවුලට තම ශෝකය පළකළ අයුරුයි ඔබ මේ දකින්නේ.

රාජකීය පවුලේ මතක සටහන් ඇතුළත් ලිපි ලේඛනද, ඔහුට රාජකීය පවුලෙන් ලැබුණු ප්‍රතිචාර ලිපිද මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබීය.

සටහන – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment