රාජගිරියේ අනතුර සාක්ෂි විභාගය අත්හිටුවීමට පාඨලී කළ ඉල්ලීම ඉවතට

296

රාජගිරිය ප‍්‍රදේශයේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් තමන් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ අදට (11) නියමිත සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට පාඨලි චම්පික රණවක මහතා කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඊයේ (10දා) පස්වරුවේ ප‍්‍රතික්ෂේප කළේය.

කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති එම නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙස හා එම නඩුව අවලංගු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලි චම්පික රණවක මහතා ගොනු කර තිබූ අභියාචනා පෙත්සම ඊයේ මේනකා විජේසුන්දර හා එස්. කුමාරත්නම් යන විනිසුරු ම`ඩුල්ල හමුවේදී කැඳවිණි.

එහිදී පාඨලි චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා අධිකරණයෙන් එම ඉල්ලීම කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එම ඉල්ලීමට දැඩි විරුද්ධත්වය දැක්වීය.

එම අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයාට මෙන්ම අනෙකුත් විත්තිකරුවන් දෙදෙනාට නොතීසි නිකුත් කරනා ලෙසට ද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර එයට ද විරුද්ධත්වය දැක්වූ දිලීප පීරිස් මහතා එම ඉල්ලීමට අවසර ලබා නොදෙන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම ලබන 24 වැනිදා දක්වා කල්තැබූ විනිසුරු ම`ඩුල්ල නීතිපතිවරයාගේ වැඩිදුර කරුණු දැක්වීම එදින සිදුකරනා ලෙසට ද දැනුම් දුන්නේය.

එකී නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට සිය නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ඉවත දමමින් නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා පසුගිය දෙසැම්බර් 2 වැනිදා ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ද ඉල්ලා ගොනුකර තිබූ එම පෙත්සම මේනකා විජේසුන්දර හා නීල් ඉද්දවෙල යන විනිසුරු ම`ඩුල්ල හමුවේදී කැඳවිණි.

2016.02.28 වැනිදා රාතී‍්‍ර රාජගිරිය ප‍්‍රදේශයේදී සම්පත් ගුණවර්ධන නමැති යතුරුපැදිකරු රිය අනතුරකට ලක්කර බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පවරනු ලබන නඩු කටයුත්තකදී පාවිච්චි කිරීමේ අරමුණින් අසත්‍ය සාක්ෂි ගෙතීම ඇතුළු අධිචෝදනා යටතේ එවකට අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පාඨලි චම්පික රණවක, ඔහුගේ රියැදුරු ලෙස කටයුතු කළ තුසිත දිලූම් කුමාර හා සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ එම නඩුව පවරා තිබිණි.

එම නඩුවේ වැඩිදුර විභාගය අද (11දා* පැවැත්වීමට නියමිතව තිබියදී පාඨලි චම්පික රණවක මහතා පසුගිය 22 වැනිදා එම අභියාචනා පෙත්සම ගොනුකර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment