රාජගිරියේ කුඩු රේණුත් දියණිය සමගම කොටුවෙති – දෙදෙනාට එරෙහිව පෙර නඩුත් රැසක්ම තිබෙනවාලූ

273

රාජගිරියේ බණ්ඩාරනායකපුර මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලූනු මව සහ දියණිය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් උපාය දූතයකු මාර්ගයෙන් පළමුකොට දියණිය අත්අඩංගුවට ගත් පොලිසිය ඇය සන්තකයේ තිබී අලෙවියට සූදානම් කර තිබූ මත්කුඩු පැකට් 312 ක් සොයාගෙන තිබන අතර එම එක් පැකට්ටුවක් රුපියල් දාහකට අලෙවි කරන බව ඇය පොලිසියට ප‍්‍රකාශ කර තිබේ.

තවදුරටත් ප‍්‍රශ්න කිරීමේදී සිය මව මෙම හෙරොයින් තොගය අලෙවිය සඳහා තමාට ලබා දුන් බවට සිදුකළ ප‍්‍රකාශයට අනුව මව පදිංචිව සිටි නිවස වටලා සිදුකළ පරීක්‍ෂණවලදී මව සන්තකයේ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 5000 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුව පත් මව ප‍්‍රදේශයේ කුඩු රේණු නමින් හඳුන්වන ප‍්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරියක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව වැලිකඩ පොලිසිය කියයි.

මව හා දියණිය සම්බන්ධයෙන් මේ වන විට මහධිකරණය හමුවේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු කීපයක් විභාග වෙමින් පවතින බවත් සඳහන් කරන පොලිසිය ඔවුන් ඇපමත මුදාහැර තිබියදී මෙසේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළී ඇතැයි පවසා සිටී.

වැලිකඩ පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත කොරළගේ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති (38723) පො. සැ. රංජන් පො. සැ. (6395) සම්පත්, පො. කො. 83774 සුදීර ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇන්ටන් ප‍්‍රනාන්දු
 

advertistmentadvertistment
advertistmentadvertistment