රාජගිරියේ චිකාගෝ නළුවෝ තවදුරටත් රිමාන්ඞ්

267

රාජගිරිය ඔබේසේකර පුර ප‍්‍රදේශයේ දී පොලිස් සැරයන්වරයකු රිය අනතුරට ලක්කර පලායෑම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ ප‍්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනකු ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඊයේ (29 දා) නියෝග කළාය.

එම සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කොට එදින අධිකරණයට ඉදිරිපත් කරනා ලෙසටද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් දෙදෙනකුගෙන් ඉදිරි විමර්ශන සඳහා බන්ධනාගාර අධිකාරිවරයාගේ අධීක්‍ෂණය යටතේ ප‍්‍රකාශ ලබා ගැනීමට විමර්ශන නිලධාරීන්ට අවසර ලබාදෙන ලෙස අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළාය. අධිකරණය විසින් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කරන ලෙසට අධිකරණය විසින් නියම කර තිබූ සිය සේවාදායකයන්ගේ නම් ඇතුළු තොරතුරු පොලිස් මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බැවින් එම හඳුනා ගැනීමේ පෙරෙට්ටු අවලංගු කරන ලෙස එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ. පසුගිය 21 වැනිදා

රාජගිරිය ඔබේසේකර පුර ප‍්‍රදේශයේදී එකී පොලිස් නිලධාරියාව රිය අනතුරට ලක්කළ රථය නිවසේ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පළමුවන සැකකාරිය ඇතුළු දෙදෙනකුට කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබියදීත්, මෙම නඩුවේද සැකකරුවන් ලෙස ඔවුන් නම් කිරීම නීතියට පටහැනි බව නීතිඥ අකලංක උක්වත්ත මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. නීතිඥ සමන්ත සුදේශ්, ධර්මතිලක ගමගේ, දිලිත් හේවාපන්නගේ

මහත්මිය හා නීතිඥ අකලංක උක්වත්ත මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සුමිත් පරාක‍්‍රම මහතා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment