රාජපක්ෂලා එක්ක යළි දේශපාලනයක් නෑ

349

රාජපක්‍ෂවරුන් සමඟ නැවත මැතිවරණයකදී එක්ව තරග කිරීම හෝ නැවත දේශපාලන වශයෙන් සහභාගිත්වයෙන් ක‍්‍රියා කිරීමට අපේක්‍ෂාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා දැඩිව අවධාරණය කර සිටියි.

මේ අතර ඉදිරියේදී මෙරට තුළ පවුල් පාලනයකට ඉඩක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

දේශපාලන වශයෙන් නැවත රාජපක්‍ෂවරුන් සමඟ කිසිම මැතිවරණයකට තරග කරන්නේ නෑ. නැවත මේ අය සමඟ කිසිම දේශපාලන සහයෝගයක් ඇති කර ගන්නේ නෑ. දේශපාලන වශයෙන් මේ අයත් සමග සහසම්බන්ධයක් ඇති වන්නේ නැතැයි ද ඔහු සඳහන් කළේය.

මේ අතර නාමල් රාජපක්‍ෂ මහතා දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටියොත් ඔහුගේ ද දේශපාලනය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් අවසන් කරන බවද වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment