රාජපක්‍ෂලා එක්ක යළි නැගිටිනවා – රෝහිත අබේගුණවර්ධන

215

දින වකවානුවක් නැතත් රාජපක්ෂවරුන් සමග නැවත නැගිටින බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ගියා. හිටපු ජනාධිපති ගෝඨාභය රටෙන් ගියා. මගේ අල්ලපු අසුනේ හිටපු නාමල් ඇමැති ධුරයෙන් ගියා. නමුත් සමහරුන්ට මාර භීතිකාවක් තියෙන්නේ තවමත් රාජපක්ෂලා ගැන. මහ රෑටත් නැගිටලා හීනෙන් කෑගහනවා රාජපක්ෂ, රාජපක්ෂ කියලා. හැබැයි අපි කියනවා ඔන්චිල්ලාව එහා පැත්තට ගියා වගේ මේ පැත්තටත් එනවා. අපි එදත් අදත් හෙටත් රාජපක්ෂලා එක්ක ඉන්නවා. දිනයක් නෑ, වකවානුවක් නෑ නැවත අපි නැගිටිනවා කියලා බොහොම වගකීමෙන් කියනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment