රාජපක්‍ෂ ආණ්ඩුව ඒකාන්තයෙන්ම ගෙදර යවනවා – සජිත් ගොවි රැළියේදී කියයි

180

ජනතාවට වින කළ, රටට විනාශය රැුගෙන ආ, රාජපක්ෂ පරපුරත්, රාජපක්ෂ ආණ්ඩුවත් ඒකාන්තයෙන්ම ගෙදර යවන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා දෙහිඅත්තකණ්ඩියේදී පැවසීය.

එයින් නොනැවතී ඒ අසීමිත විධායක බලතල සහිත ජනාධිපති ධුරය සහමුලින් අහෝසි කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ජනතා ආශිර්වාදය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

සමගි ගොවි බලවේගය විසින් දෙහිඅත්තකන්ඩිය නගරයේ සංවිධානය කර තිබූ ගොවි ජන රැුළියකට පෙරේදා (09දා* එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය. ගොවි ජනතාව දහස් ගණනක් එම රැුළියට එක්ව සිටියහ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් අත ඔසවා ඔබේ සහයෝගය ලබාදෙන්න යැයි විපක්ෂ නායකවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටි අතර රැුළියට එක් ව සිටි ජනතාව දෑත් ඔසවමින් ඊට තම ප‍්‍රතිචාර දැක්වූහ.

ජනාධිපතිකම් වේවා, අගමැතිකම් වේවා, ඇමැතිකම් වේවා, මන්ත‍්‍රීකම් වේවා, ඒවා තිබෙන්නේ තමන්ගේ පවුලේ බඩගෝස්තරය වඩා ගැනීමට රස්සාවක් ලෙස නොවන බව මතක තබා ගත යුතු යැයි කී විපක්ෂ නායකවරයා, ජනතාව එම තනතුරු ලබා දෙන්නේ රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් බව මතක තබා ගත යුතු යැයි ද පැවසීය.

දුර්දාන්ත රාජපක්ෂ පාලනයේ නිමාව ඉතා ආසන්න බව පැවසූ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා රටත් ජනතාවත් විනාශය කරා රැුගෙන ගිය පාලනය නිමා කිරීම වෙනුවෙන් පොදු ජනතාව පෙළ ගැසී ඇති බවද පැවසීය.

දෙහිඅත්තකණ්ඩිය – රණතුංග, ලාහුගල – ගයාන් චින්තක
 

advertistmentadvertistment
advertistmentadvertistment