රාජපක්ෂ පවුලට පාවඩ එළමින් ජනාධිපති  රටේ ලක්ෂ 220ට මල් වඩම් යවනවා

98

කටාන සජබ ආසන බල මණ්ඩලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි

 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාවඩ එලනවා රාජපක්ෂලාට ආපහු මේ දේශපාලන ගමන ක්‍රියාත්මක කරන්න. රාජපක්ෂ පරපුරට පාවඩ එලමින් මේ රටේ ලක්ෂ 220ට මල් වඩම් යවනවා. කැරකොප්පුවට යවනවා. සොහොන් කොතට යවනවා. ඒකට අපි ඉඩ තබන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 කටාන සමගි ජන බලවේගයේ ආසන බල මණ්ඩලය අමතමින් එසේ ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා එහිදී මෙසේද කීය.

 වර්තමාන රජය රතු පස්වල මිනීමරු සංස්කෘතිය නැවතත් වරක් ප්‍රතිනිර්මාණය කරන්නට කටයුතු කරන රජයක්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ රජය මේ රටේ පොදු ජනතාවගේ අරගලයට නායකත්වය ලබාදුන්නා. ඒ තරුණ පරපුර ඉතාමත්ම හිංසනකාරී ආකාරයට, මිලේච්ඡ ආකාරයට මර්දනය කරනවා. දඩයම් කරනවා. මේ තරුණ දඩයමට අපි සහමුලින්ම විරුද්ධයි. අපි අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවගේ කුසගින්න,

 දුක්ගින්න, පිපාසය, නිවා දමා ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් නැගීහිටනවා. මේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවේ දඩයමෙන් රට මුදවා ගන්නට අපි ඒ තරුණ පරපුරත් එක්ක එකට හිටගන්නවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

 ඒ විතරක් නෙමෙයි හොරකම් වලට සම්බන්ධ වුණු සියලුම දෙනාව නීතිය හමුවට ගෙනයනවා. ඒ වගකීම ඉෂ්ඨ සිද්ධ කිරීම සරත් ෆොන්සේකා මැතිතුමාට බාර දෙනවයි කියපු වචනය අපි ආපහු ගන්නෙ නැහැ. දැන් වන්ෂොටුත් එළියේ ඉන්න හින්දා, දැනුත් එළියෙ ඉන්න හින්දා එතුමත් කැපවුණා දූෂණයට විරුද්ධව කටයුතු කරන්න. හොඳ ඩබලක් ඉන්නවා. සරත් ෆොන්සේකා මැතිතුමාත් , රන්ජන් රාමනායක මැතිතුමාත් හිතන්නෙ ඒ දෙපලම ඒ රටේ මුදල් හොරා කාපු අය නෙමෙයි. වංචා කරපු අය නෙමෙයි. සරත් ෆොන්සේකා මැතිතුමා රටට කරපු සේවාව ගැන අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මිත්‍රවරුනේ විශේෂයෙන්ම අපි මේ රජය ක්‍රියාත්මක කරන්නට හදන මේ මර්දනකාරී මිලේච්ඡ රතු පස්වල සංස්කෘතිය අපි පරාජය කරන්නට ඕනේ.

 දීර්ඝව මම කතා කරන්නට යන්නේ නැහැ. අද මම බොහොම සතුටු වෙනවා මගේ කලන මිතුරා අපේ විජිත් විජිතමුනි සොයිසා මැතිතුමා, හිතන්නේ කාටවත් වැඩිය නොකියපු කරුණු කීපයක් එතුමා ගැන කියන්නට ඕනේ. විටෙක රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, එතුමාට ආරාධනා කළා, මගේ හිතේ හැටියට 80 දශකයේ අග භාගයේ. එතුමත් එක්ක අත්වැල් බැඳගන්න කියලා.

 ඉදිරියේදී අලි කපුටු හවුලක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ අලියයි, පොහොට්ටුවයි, කපුටො ටිකයි. අනාගතයේදී ඔය නොමඟ ගිය සමහර යූඇන්පී මන්ත්‍රීවරුන්ට නාම යෝජනා ගන්න වෙන්නේ ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා නෙමෙයි, පොහොට්ටුවේ කපුටා ළඟට ගිහිල්ලා. කපුටා තමයි ඇමැති ලැයිස්තුව එවන්නේ ජනාධිපතිවරයාට පත් කරන්න කියල. අද කපුටා තමයි රාජ්‍ය ඇමැති ලැයිස්තුව එවන්නේ ජනාධිපතිවරයාට පත් කරන්න කියලා. අද කපුටා තමයි නියෝජ්‍ය ඇමැති ලැයිස්තුව එවන්නේ.

advertistmentadvertistment
advertistmentadvertistment