රාජපක්‍ෂ පවුලේ අත්වල ගෑවුණු ලේ  කුරහන් සාටකයෙන් වසාගත නොහැකියි – පාඨලී චම්පික රණවක

239

රාජපක්ෂ පවුලේ අත්වල ගෑවුනු ලේ තවදුරටත් කුරහන් සාටකයෙන්, පැරණි රණවිරු ගායනාවලින් හෝ කසාවතට මුවාවී වසා ගැනීමට නොහැකි බවත් එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල ඉල්ලා අස්ව ගෙදර යා යුතු බව හතළිස් තුන් වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (20දා) අවධාරණය කර සඳහන් කළේය.

නිරායුධ ජනතාවට වෙඩි තබා ඝාතනය කිරීමට නියෝග දුන් සහ එය ක්‍රියාත්මක කළ සියලු දෙනා හට නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පොලිසිය භාර ඇමැතිවරයා සහ පොලිස්පතිවරයා වූ වහා ඉල්ලා අස්විය යුතු බවත් හෙතෙම කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (20දා) එම අදහස් පළ කළේ කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි හතළිස් තුන් වන සේනාංක මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment