රාජපක්‍ෂ පවුල රටට කළ විනාශය නිසා පිටරටකදී කතා කිරීමත් ලැජ්ජාවක් – චන්ද්‍රිකා කුමාරතුංග

241

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්‍ෂයේ මූලස්ථානය ඊයේ (05 වැනිදා) පෙරවරුවේ බත්තරමුල්ලේදී විවෘත කෙරිණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, කුමාර වෙල්ගම මහතා සමග ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූප – සමන් රණවීර

රාජපක්ෂ පවුල රටට කර ඇති දැවැන්ත විනාශය නිසා විදෙස් රටකට ගොස් කතා කිරීම පවා ලැජ්ජාවට කරුණක් වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (05දා) සඳහන් කළාය.

තමන් පසුගියදා කළ විදෙස් සංචාරයකදී තෙමසක් පුරා නිවසට වී සිටි බවත් රට සම්බන්ධයෙන් ඇති වැරදි චිත්‍රය හේතුවෙන් නිවසෙන් බැහැරට යෑම ප්‍රශ්නයක් වුණු බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවසුවාය.

2005 වසරෙන් පසු බලයට පැමිණි පාලකයන් රටට ආදරය කළ පාලකයන් නොවන බවත් ඔවුන් රටේ සම්පත් තමන්ගේ යැයි සිතා විනාශ කළ බවත් පැවසූ හිටපු ජනපතිනිය රට මෙවැනි විනාශයකට පත් වූයේ රාජපක්ෂ පවුල නිසා බවත් ඔවුන් රටේ සම්පත් හොරා කෑ බවටත් චෝදනා කළාය.

නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඊයේ (05දා) බත්තරමුල්ලේ විවෘත කළ අවස්ථාවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම අදහස් පළ කළාය.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment