රාජපක්‍ෂ සෙවණැලි ආණ්ඩුව ජනතාවට ම්ලේච්ඡ ලෙස පහර දුන්නා – විපක්‍ෂ නායක

152

රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව විසින් මේ රටේ නිරායුධ ජනතාවට ම්ලේච්ඡ ලෙස පහර දුන් බවත් එකී පහරදීම බරපතළ ලෙස හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නව ජනාධිපතිවරයා පත් වූ සැණින් එල්ල කරන ලද මේ ප්‍රහාරය තුළින් ගම්‍ය වන්නේ ආණ්ඩුව යන දිසාව යැයි පැවසූ විපක්ෂ නායකවරයා අදාළ ප්‍රහාරයෙන්, නිරායුධ සිවිල් වැසියන්, මාධ්‍යවේදීන්, කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් තුවාල වූ බව ද පැවසීය.

කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ‘සර්ව පාක්ෂික එකමුතුව’ යන මැයෙන් ඊයේ (22 දා) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය. අදාළ ප්‍රහාරයේ වගකීමෙන් ජනාධිපතිවරයාට පලා යන්නට නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා මේ ප්‍රහාරය සඳහා අණ දුන්නේ කවුද, සැලසුම් කළේ කවුද, ප්‍රහාරය එල්ල කළේ කවුද යන්න පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද පැවසීය.

ඩලස් අලහප්පෙරුම, එම්. ඒ. සුමන්තිරන්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රංජිත් මද්දුම බණ්ඩාර, වෛද්‍ය රාජිත සේනාරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හෂීම්, චන්දිම වීරක්කොඩි යන පක්ෂ නායකයෝ සහ මහජන නියෝජිතයෝ පිරිසක් ඊට එක්ව සිටියහ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment