රාජස්ථාන් කල්කටාවට පරදී

141

කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර මෙවර අයිපීඑල් තරගාවලියේදී පෙරේදා (02 වැනිදා) පැවති තරඟයෙන් කඩුලු 7 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 152 ක් රැස් කළ අතර කල්කටා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු තුනක දී කඩුලු 3ක් දැවී ලකුණු 158ක් රැස්කර ජයග්‍රහණය ලබා ගත්තේය.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් නායක සංජු සැම්සන් පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර හතක් සමගින් ලකුණු 54ක් රැස් කළේය. ශිම්රන් හීට්මයර් නොදැවී ලකුණු 27ක් ද, ජොස් බට්ලර් ලකුණු 22ක් ද ලබා ගත්හ. ටිම් සවුති කඩුලු 2ක් ලබා ගත් අතර ජයග්‍රාහී කල්කටා කණ්ඩායම වෙනුවෙන් නිටිෂ් රානා නොදැවී ලකුණු 48ක් සහ රිංකු සිං නොදැවී ලකුණු 42ක් ලබා ගත්හ. මෙම ජයග්‍රහණය කල්කටා කණ්ඩායම මෙවර තරගාවලිය තුළදී තරග 10කට සහභාගි වී ලබා ගත් හතර වෙනි ජයග්‍රහණය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment