රාජ්කෝට් කම්හල් හිමිකරු පෝස්ටර් සිද්ධිය සමථයකට පත්කර තිබූ බව හෙළි වෙයි

1319

පාකිස්තානයේ රාජ්කෝට් කම්හලේ කළමනාකරු ප‍්‍රියන්ත කුමාර ඝාතනය කිරීමට කළහකාරින් පිරිස ක‍්‍රියා කර ඇත්තේ පෝස්ටර් ඉරීමේ සිද්ධිය කම්හල් හිමිකරු විසින් සමතයකට පත් කිරීමෙන් පසු බව හෙළි වී ඇත.

පෝස්ටර් ඉරාදැමීම ගැන ප‍්‍රියන්ත කුමාර සමාව අයැද සිටි අතර කම්හල් කම්කරුවන් එය පිළිගෙන තිබේ. එහෙත් පසුව කීපදෙනෙකු එකතු වී ප‍්‍රියන්ත කුමාරට එරෙහිව කම්කරුවන් උසිගන්වා ඇත. මෙම ඝාතනයේ ප‍්‍රධාන සැකකරුවන් සංඛ්‍යාව 19ක් බවත් ඔවුන් අත්අඩංගුවේ පසුවන බවත් පන්ජාබ් පොලිසිය කියා සිටී. ප‍්‍රියන්ත කුමාර මහතාට පහරදී ගිනිතැබුවන්් ලෙස සබුර්බුර තල්හාන්, අබ්දුල් රහ්මන්, ඉම්රාන්, මයිධුර ෂෙජාන්, උස්මාන් ෂොහොබාස්, නයසීර් එමිස්ගාර් සහ මුනයිඞ් නැමැත්තන් එම සී සී ටී වී කැමරා පද්ධතිවලින් හඳුනාගෙන ඇත.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment