රාජ්‍ය අනුග්‍රහයක් නෑ: – ගෝඨාභය තායිලන්තයට

292

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (11 වැනිදා) දින සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා පැමිණීමට නියමිත බව විදෙස් ආරංචි මාර්ග පැවසීය.

රාජපක්‍ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට ලබාදී තිබූ වීසා කාලසීමාව ඊයේ (10 වැනිදා) අවසන් වී තිබූ අතර ඒ මහතා මෙසේ තායිලන්තය බලා පැමිණීමට නියමිතව සිටියේය. අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය වැටලීමෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාලදිවයිනට ගිය අතර එතැනින් සිංගප්පූරු බලා පිටත්ව ගොස් තිබිණි. මාසයකට ආසන්න කාලයක් රාජපක්‍ෂ මහතා සිංගප්පුරුවේ රැඳී සිටියේය.

රාජපක්‍ෂ මහතා තායිලන්තය බලා පැමිණිය ද ඒ මහතාට එරට රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙන බවද වාර්තා වෙයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment