රාජ්‍ය අමාත්‍යංශවලත් අවසන් තීරක කැබිනට් ඇමැති

203

රාජ්‍ය අමාත්‍යාංශවල විෂයන් හා කාර්යන් වෙන් වෙන්ව ඇතත් එහි බලතල මෙන්ම අවසන් බලධාරියා අදාළ කැබිනට් ඇමැතිවරයා බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන්ට තරයේ දන්වා ඇත.

සියලූ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු ඉකුත් බ‍්‍රහස්පතින්දා (17 දා) කැඳවා ජනාධිපතිවරයා මේ බව පෙන්වා දී තිබේ.

රාජ්‍ය අමාත්‍යාංශවල වගකීමක් තමන්ට නැති බවත් ඒ අනුව එම රාජ්‍ය අමාත්‍යාංශවල සාකච්ඡාවන්ට ලේකම්වරුන් කැඳවීමට තමන්ට බලතලයක් නැති බවත් විෂය සම්බන්ධ සාකච්ඡාවන්ට එම ලේකම්වරුන් සහභාගි නොවන බවත් කැබිනට් ඇමැතිවරුන් පිරිසක් ඉකුත් සඳුදා (14 දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාට දන්වා තිබුණි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙලෙස රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා මේ බව සඳහන් කර තිබේ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment