රාජ්‍ය අමාත්‍ය ඩයනා අත්අඩංගුවට ගන්න වරෙන්තු ඕන නෑ

353

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේය.ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (09) කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත්වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මහෙස්ත්‍රාත්වරයා මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment