රාජ්‍ය අමාත්‍ය ධූරයට කෝටි 50ක්-රොෂාන් රණසිංහ

651

මහවැලි රාජ්‍ය අමාත්‍ය ධූරය තමාගෙන් ඉවත් කොට වෙනත් කෙනෙකුට ලබා දුන්නේ කෝටි 50ක් දීලා යැයි හිටපු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ,ඇමැති රොෂාන් රණසිංහ පැවසීය.

ඊට හේතුව වූයේ රොෂාන් රණසිංහ මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරය හිටියොත් තමන්ගේ අයියගේ දේශපාලනයට තර්ජනයක් වෙන නිසා යැයි ද හෙතෙම කීය.

මේ විදිහයට කෝටි 50කට ඇමතිකමක් විකිණෙන්නත් ඒ කෝටි 50 කවුද ගත්තේ කියලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. යැයි රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ පොළොන්නරුව දිඹුලාගල සිරිපුර ඉසුරු හෝටලයේ දී ඊයේ (01) මැයි රැළියට සමගාමීව පළාත් සභා නියෝජිතයින් එක්ව සංවිධානය කර තිබූ මැයි රැලි රැස්වීම්කදීය.

advertistmentadvertistment
advertistmentadvertistment