රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහි පැමිණිල්ලට දින නියමවේ

168


අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ජුලි 13 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත අමාත්‍යවරයා ද අධිකරණයේ පෙනී සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment