රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කෙරේ

129

දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අභාවය වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය එළඹෙන 19 වැනිදා තෙක් අඩකුඹු කරන ලෙස රජය ඉල්ලා සිටී.

එළිසබෙත් මහරැජනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ බව දැනුම්දුන් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පැවසීය.

දෙවැනි එළිසබෙත් රැජන 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අගරැජන ලෙස කටයුතු කළාය. බි්‍රතාන්‍යයේ දීර්ඝතම කාලයක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් මහරැජන අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය පෙරේදා (08 දා) රාත්‍රි නිවේදනය කර සිටියේය.

ඇයගේ අභාවය සැලවීමත් සමග බකිංහැම් මාලිගය ඉදිරිපිටද විශාල මහජනතාවක් එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇයගේ අභාවයෙන් පසු ඇයගේ වැඩිමහල් පුත් චාල්ස් කුමරු බි්‍රතාන්‍ය හා පොදුරාජ්‍ය මණ්ඩල ප්‍රාන්ත 14ක නව රජු සහ රාජ්‍ය නායකයා ලෙස පත්වීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment