රාජ්‍ය ඇමැතිට අස්වන්නැයි බලකර උපවාසයක්

180

රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසත් වගා හානි සඳහා වන්දි වගාවන්ට අවශ්‍ය තෙල් පොහොර වහා ලබා දෙන ලෙසත් බල කරමින් මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතාගේ ගිරිතලේ නිවස ඉදිරිපිට ගිරිතලේ ගොවි ජනපද ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවිසංවිධානය අඛණ්ඩ උපවාසයක් අද (27) ආරම්භ කර තිබේ.

ගිරිතලේ ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 16ක ගොවි නායකයින් මෙම විරෝධතාව එක්ව මෙම උපවාසය ආරම්භ කර ඇති අතර මෙවර යල කන්නයේ වගා කටයුතු කර ගැනීමට ද නොහැකි තත්ත්වයට ගොවිතැන විනාශ කළ බවත් උපවාසකරුවෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment